ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.
ඒ අනුව අද දිනයේදී ලෝක වෙළදපොලේ තෙල් මිල ගණන් පිරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිල ගණන් අඩු කරනවාද.? වැඩි කරනවාද.? යන්න තීරණය කිරීමට නියමිතය.
මේ අතර ඊයේ (30) දිනයට සාපේක්ෂව අද (31) දිනයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සුළු අගයකින් පහළ ගොස් ඇත.
ඒ අනුව ඊයේ දිනයේ BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.60 දක්වා ඉහළ ගියද, අද දින බැරලයක මිල අමෙරිකානු ඩොලර් 89.15 දක්වා පහළ ගොස් ඇත.
WTI බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ අමෙරිකානු ඩොලර් 84.60 දක්වා ඉහළ ගියද, අද දිනයෙ බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.84 දක්වා පහළ ගොස් ඇත.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොලේ බොරතෙල් සහ පිහිරිපහදු කළ ඉන්ධන මිල ගණන් පහළ යාමේ වාසිය රටේ ජනතාවට ලබාදෙන බවයි.

