LIVE
අගෝස්තු මාසයට අදාළව ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරයි.
ඒ අනුව අගෝස්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල ගණන් සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.
ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හමුවේ වුවද, රටේ පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් අගෝස්තු මාසයේදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,465කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,792කි.
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835කි.
