LIVE
නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලීසිය සඳහන් කරයි.
නේපාල හමුදාව, සන්නද්ධ පොලිස් බළකාය සහ ජාතික පොලීසියට අයත් ආරක්ෂක නිලධාරීන් 13,000කට අධික පිරිසක් විපතට පත්වූවන් මෙහෙයුම් සඳහා යොදවා ඇති බව නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා සඳහන් කරයි.
ගුවනින් ගොස් පුද්ගලයින් 573 දෙනෙකු මුදාගෙන ඇති බවත් තාවකාලික සහන කඳවුරු ස්ථාපිත කර තුවාල ලැබූ ජනතාව සඳහා ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බවද නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා සඳහන් කරයි.
