LIVE
ඉරානය විසින් ජෝර්දානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර වලට ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
තවද, වැදගත් මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන හෝ පිටවන යාත්‍රා අවහිර කරන ලෙසට ජනපති ට්‍රම්ප් එක්සත් ජනපද නාවික හමුදාවට නියෝග කර ඇත.
ඉරානයේ න්‍යෂ්ටික සහ නැව්ගත කිරීමේ අභිලාෂයන් සම්බන්ධයෙන් කොන්දේසි වලට එකඟ වුවහොත් නාවික අවහිර කිරීම සහ හමුදා ක්‍රියාමාර්ග අවසන් වන බවද ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත.
