ගුවන් යානයක් ගොඩබැස්වීමේදී බිහිසුණු අනතුරක් සිදුව ඇත.
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයෑමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇත.
මෙරට වේලාවෙන් ඊයේ (06) රාත්‍රී 11.30ට පමණ Amazon සමාගමට අයත් Boeing 767 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එලෙස අනතුරට පත්ව ඇත.
අදාළ ගුවන් යානය ගොඩබැස්වූ අවස්ථාවේදී එය ධාවන පථයේ පැයට කිලෝමීටර 200ක පමණ වේගයකින් ගමන් කර ඇති බවත් පසුව ධාවන පථයෙන් පිටතට පැන අසල නවතා තිබූ මෝටර් රථවල ගැටී යානය නැවතී ඇත.
එම අවස්ථාවේදී යානය ගිනි ගැනීමකට ලක්ව ඇති අතර ජෙට් ඉන්ධන කාන්දුවක්ද සිදුව ඇති බවත් තුවාල ලැබූ තවත් පස් දෙනෙකු රෝහල් ගත කර ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් අනතුර සිදුවන විට මයෑමි ආශ්‍රිතව දැඩි සුළං සහිත වර්ෂාවක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර අනතුරින් පසු ඇමරිකානු ගුවන් සේවා පරිපාලන ආයතනය ගුවන් තොටුපොළේ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර ඇත.
