LIVE
සෞදි අරාබියේ පිහිටි හමුදා කඳවුරකට යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම විසින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.
සෞදි අරාබියේ ‘ෂරූරා’ හමුදා කඳවුරේ පිහිටි අවි ගබඩා සංකීර්ණ සහ පාලන මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති හමුදා ප්‍රකාශක යහියා සාරි සඳහන් කරයි.
සෞදි අරාබිය විසින් යේමනයට එල්ල කරන ප්‍රහාර වලට ප්‍රතිචාරයක් ලෙස මෙය සිදුකළ බවද සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් හූති හමුදා ප්‍රකාශක යහියා සාරි සඳහන් කරයි.
ප්‍රහාර නතර නොකළහොත් ඉදිරියේදී භූමිය අභ්‍යන්තරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට හූති හමුදා ප්‍රකාශක යහියා සාරි අනතුරු ඇඟවීමක් කරයි.
