පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම තම අරමුණ බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සඳහන් කරයි.
රටේ ජාතික සම්පතක් වන මෙම සමාගම පාඩු ලබන ආයතනයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට අපට නොහැකි බවත් නව කළමනාකාරීත්වය සමඟ එක්ව, විනිවිදභාවයෙන් සහ වෘත්තීයභාවයෙන් යුතුව මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දීමට තමා ඇතුළු රජය සූදානම් බවත්, ජනතා මුදලින් නඩත්තු වන ආයතනයක් ලෙස ජනතාවට වගකියන ආයතනයක් බවට පත් කිරීමට කැපවී රාජකාරී සිදු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
එම සමාගමේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා හමුවූ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මේ බව සඳහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සහ මහජනතාව තුළ ගුවන් සමාගම පිළිබඳ පවතින විශ්වාසය යළි ගොඩනැගීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
