වැල්ලවත්ත වෙරළ තීරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාර ඇතුළු පස්දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී විශ්ව කොඩිකාර සතුව කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1050ක් තිබී සොයාගත් බව වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත.
තමන් සන්තකයේ කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ වරද අධිකරණය හමුවේ පිළිගත් රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රුපියල් 5,000ක දඩ මුදලක් ගෙවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (17) දින නියෝග කළාය.
මින් ඉදිරියට කිසියම් හෝ අවස්ථාවක මෙවැනි මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් නැවත අධිකරණයට ඉදිරිපත් වුවහොත් කිසිදු සමාවක් නොදී සෘජුවම පුනරුත්ථාපනය සඳහා යොමු කරන බවට සැකකාර රංගන ශිල්පියා ඇතුළු පිරිසට මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී දැඩි ලෙස අවවාද කළාය.
