අසනීප සනීපයි.. ශිරන්ති සිංගප්පූරුවේ සාප්පු සවාරියේ

LIVE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පසුගිය (16) වනදා දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ශිරන්ති රාජපක්ෂ සමග රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරාද කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ ශිරන්ති රාජපක්ෂ දින කිහිපයකට පසුව, එනම් පසුගිය (16) වන දින එම පෞද්ගලික රෝහලේ සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඒ ශිරන්ති රාජපක්ෂගේ රෝගී තත්ත්වයට වැඩිදුර ප්‍රථිකාර කිරීමට සහ විශේෂ පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම සඳහා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත පිටත්ව යෑමටයි.

අනතුරුව ශිරන්ති රාජපක්ෂ එම ප්‍රථිකාර සහ විශේෂ පරීක්ෂණ සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් කර විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වනවිට සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත ගියපු ශිරන්ති රාජපක්ෂගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි.

ඒ සිංගප්පූරුවේදී ප්‍රසිද්ධ සාප්පු සංකිර්ණයක සංචාරයක යෙදෙමින් සිටින අවස්තාවක කිසියම් පුද්ගලයෙක් ගන්නා ලද ඡායාරූප කිහිපයකි.

මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ලබන (24) වනදා පෙනී සිටින ලෙසට ශිරන්ති රාජපක්ෂට මේ වනවිට දැනුම් දී ඇත.

1 Comment
Most Voted
Newest Oldest