LIVE
ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවාදරයක් ලබාදුන් හෙල්ල විසිකිරීම ඉසව්වේ ලෝක ශූර රුමේෂ් තරංග සිය ක්‍රීඩා දිවියට සමුදීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මේ වනවිට දැඩි කතාබහට ලක්ව ඇත.
එළඹෙන 2028 සහ 2032 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අනිවාර්යයෙන්ම තමන් සහභාගී වීමට බලාපොරොත්තු වන බව ලෝක ශූර රුමේෂ් තරංග සඳහන් කරයි.
අනතුරුව 2036 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේදී සිය ක්‍රීඩා දිවියට සමුදීමට තමන් බලාපොරොත්තු වන බවද රුමේෂ් තරංග සඳහන් කරයි.
මේ අතර රුමේෂ් තරංග කිසිවෙකුගේ පෞද්ගලික අයිතියක් නොව ශ්‍රී ලංකාවට අයත් ජාතික සම්පතක් ලෙස සැලකිය යුතු බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එහිදී සඳහන් කරයි.
රුමේෂ් තරංග ශ්‍රී ලංකාවේ නාමය ලෝකය තුළ තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මෙරට ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
