LIVE
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා හිමිකරගෙන ඇත.
පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය හිමිකරගෙන ඇත.
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය මගින් සංවිධානය කරනු ලබන “වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රී” ඇගයීම් යටතේ මෙය පැවැත්වේ.
මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ දෘෂ්‍යාබාධිතභාවයක් සහිත පළමු මන්ත්‍රීවරයා වේ.
