තමන් වහන්සේට අවවාදයක් ලබාදී ජනාධිපති සමාව දෙන්න වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට පුළුවන් බව, බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් රචනා කරන ලද “9.05 විකෘතිය” නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කෙරුණ අතර එහිදී උන්වහන්සේ මේ බව පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් බන්ධනාගාරගත කිරීමට නියමිත පසුබිමක මෙම ග්‍රන්ථය එළිදැක්වීමට කටයුතු යොදා ඇත.
එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කළේ,
“ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව නෙමෙයිනේ මට නඩු දැම්මේ. මට නඩු වැටුනේ යහපාලන ආණ්ඩුවෙන්. මොකද මට කියන්න අවස්ථාවක් නැතිවෙයි ජීවිතය අනිත්‍යයිනේ. ජනාධිපති සමාව දීම ඒගොල්ලන්ගේ වැඩක්.
මම හිටියෙ නෑනේ ජනාධිපති කාර්යාලයේ. කවුරුහරි ක්‍රමවේදයේ කරපු අය වරදක් වුණානම් ඒගොල්ලන්ට එපැයි දඩුවම් දෙන්න. ඇයි මගෙන් පළිගන්නේ. මට අවවාදයක් දීලා මගෙන් කොච්චර වැඩක් ගන්න පුළුවන්ද.”
“දැන් ඉන්න ආණ්ඩුවේ ජනාධිපතිතුමාට පුළුවන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරපු වරදක් වුණානම් එතුමාට නිවැරදි කරන්න පුළුවන් නේ. නායක හාමුදුරුවනේ ඔබවහන්සේලා ජනාධිපතිතුමාට කියන්න.
මේ උන්වහන්සේට ජනාධිපති සමාව දෙන්න කියලා. මොකද නිලධාරීන් කරපු වරදක්. වැදලා ඉල්ලන්නම් අපේ අනුනායක හාමුදුරුවන්ගෙන් ඥනසාර දංගෙඩියට යයි.”
