ඥනසාර හිමිගේ සිරදඬුවම ක්‍රියාත්මක කරන්න නියෝගයක් ඉල්ලයි

LIVE

ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව පවතින සිරදඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමක් අද (29) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. 

මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම මෝසම කැඳවා ඇති අතර එම අවස්ථාවේදී ඥානසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ සඳහන් කළේ, සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත් මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සඳහන් කළේ මෙය අපරාධ නඩුවක් බැවින් විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා වේලාව ලබාදෙන ලෙස ඥානසාර හිමිගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව ස්වල්ප වෙලවකට කල්තබා ඇත.

0 Comments
Most Voted
Newest Oldest