LIVE
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් කසුන් කාංචන දසනායක වරෙන්තු නිකුත් කර ඇත.
සිය දරුවාට නඩත්තු මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක් විසින් ගොනු කර තිබූ නඩුවක් විභාගයට ගත් අවස්තාවේදි චාමික කරුණාරත්න අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්රාත්වරයා මෙම පියවර ගෙන ඇත.
ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි විසින් චාමික කරුණාරත්නට එරෙහිව පීතෘත්වය තහවුරු කරගැනීම වෙනුවෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇත.
