කථානායක බංගලාවේ බඩු පොත අතුරුදන්

LIVE

කථානායක බංගලාවේ බඩු වට්ටෝරු පොත අතුරුදන්ව ඇතැයි එහි කළමනාකාර පසන් අතුකෝරල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

බංගලාවේ බඩු වට්ටෝරු පොත බාරව සිටි කථානායක පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීයා ළග එම පොත නැතැයි තමාට දැනුම් දුන් බව පසන් අතුකෝරල ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

කථානායකවරයාට නිල නිවෙස නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව කථානායක නිල නිවෙසේ කළමනාකාරවරයාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

1 Comment
Most Voted
Newest Oldest