ඥානසාර හිමි නිදහස් කර ගන්නා තෙක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් යන්නේ නෑ

සිරදඬුවම් නියම වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්‍රාව’ මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ ඇත.

මෙම පාගමනේ හයවැනි දිනය වන අද (15) දින කඩවතින් ආරම්භ කළ පාද යාත්‍රාව කිරිබත්ගොඩ, පෑලියගොඩ, මාලිගාවත්ත සහ මරදාන නගර පසුකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණියේය.

පාද යාත්‍රාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අසලින් පසුගිය (10) වැනිදා මෙම පාද යාත්‍රාව ආරම්භ කළේය.

2 Comments
Most Voted
Newest Oldest