මහින්දට සැදෑ සමයේ ශිරන්තිගේ රැකවරණය අහිමිවෙයි.. සෞඛ්‍ය තත්ත්වය.?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සැදෑ සමයේදී බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක, ආණ්ඩුව විසින් ශිරන්ති රාජපක්ෂ සිරගත කළ බව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ සඳහන් කළේ,

“මහින්ද රාජපක්ෂ මැතිතුමා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. එතුමාගේ තත්ත්වය බරපතල තත්ත්වයක් නෙමෙයි. සාමාන්‍ය මට්ටමින් යහපත් තත්ත්වයක එතුමා පසුවෙනවා.

එතුමාගේ සැදෑ සමයේදී බිරිඳගේ රැකවරණය අවශ්‍ය මොහොතක තමයි ආණ්ඩුව විසින් ශිරන්ති රාජපක්ෂ මැතිණිය සිරගත කිරීම සිද්ධ කරන්නේ. මම හිතන්නේ අපේ ගෙවල්වල වුණත් දන්න දෙයක් තමයි,

බිරිඳ ඉන්න ඕන සැමියාට අඩු තරමේ බෙහෙත් ටික හරි දෙන්න. ඇත්තටම ශිරන්ති රාජපක්ෂ මැතිණිය ජනාධිපති ආර්යාව විදිහට ගෙදරට වෙලා බුදිය ගත්තා නම් අද මේ කිසිම ප්‍රශ්නයක් නෑ.

හැබැයි එතුමිය ලෝකේ ජනාධිපති ආර්යාවන් හැම දෙනාම කරනවා වගේ සමාජ සේවය කරන්න ගිහිල්ලා, මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා, දරුවන්ට පෙරපාසල් කරන්න ගිහිල්ලා, ඇස් නැති ලමයින්ට ඇස් සැත්කම් කරන්න උදව් කරන්න ගිහිල්ලා.

එතුමිය ජනාධිපති ආර්යාව විදිහට අම්මා, තාත්තා නැති එල්ටීටී දරුවෝ, සුනාමි දරුවෝ කිහිප දෙනෙක්ම, විශාල සංඛ්‍යාවකට මවක් ලෙස අධ්‍යාපනය ලබාදුන්නා. එවැනි දේ කරපු නිසා තමයි දැන් මේ හැමදේටම මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.”

1 Comment
Most Voted
Newest Oldest