අග්බෝ ඇතා සෙවීමට විශේෂ හමුදා කණ්ඩායමක්

අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත මෙම විශේෂ හමුදා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇත.

අග්බෝ ඇතු සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අග්බෝ ඇතු සොයා ගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම කණ්ඩායම මගින් අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනා ගනිමින් ඇතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සිදුවනු ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest