ආරක්ෂිත පියවරක් ලෙස අක්රීය කරනු ලැබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම සඳහන් කරයි.
මෙවැනි තත්ත්වයක් යටතේ මුහුණ දෙන සාමාන්ය ආරක්ෂක ක්රමවේද වලට යොමුවී ඇති බැවින් දින කිහිපයක් යන තෙක් බලාගාරය පද්ධතියට නැවත සම්බන්ධ නොකරන බව එම සමාගම සඳහන් කරයි.
මේ හේතුවෙන් පද්ධතියට අහිමි වන මෙගාවොට් 810ක ධාරිතාව නිසා ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට ජාතික පද්ධති ක්රියාකරු ලෙස කටයුතු සම්පාදනය කර ඇත.
මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි ජනනය උපරිම අගයක පවත්වා ගැනීමට හැකි වීමත් පද්ධතියේ ඉල්ලුම සාපේක්ෂව අඩුවීමට ඇති ප්රවණතාවයන් නිසා ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට අපේක්ෂා කරන බවද එම සමාගම සඳහන් කරයි.
