සිරදඬුවම් නියම වු ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවි උද්යානයේදී ඇරඹි සත්යග්රය සඳහා නැවතත් බලංගොඩ කස්සප හිමි අද එක්වී ඇත.
ඊයේ (17) දින කොළඹ විහාර මහා දේවී උද්යානයේ සත්යග්රහයේ නිරතව සිටි බලංගොඩ කස්සප හිමිට පහරදීමක් සිදුකළ බවට ප්රකාශ කරමින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළේය.
අනතුරුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන ආ බලංගොඩ කස්සප හිමියන් වැඩිදුර ප්රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී තමාට අසනීපයක් නොමැති බව පෙන්වා ස්වකැමැත්තෙන් රෝහලෙන් පිටව ගියේය.
