රෝහලේදී බල නහර කපන්න පෙර ජීවිතය බේරාගත් කස්සප හිමි

බලංගොඩ කස්සප හිමිගේ ජීවිතය බේරාගැනීම සඳහා කොළඹ ජාතික රෝහලෙන් ඉවත් වු බව උලපනේ සුමංගල හිමි පවසයි.

උලපනේ සුමංගල හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“අපි පැහැදිළිවම වෛද්‍යවරු උන්වහන්සේව රෝහල්ගත කරන්න නිර්දේශ කරලා තිබෙද්දී අපි එතනින් ඉවත් වුණේ පෞද්ගලික රෝහලකට ඇතුල් කරගන්න. උන්වහන්සේගේ ආරක්ෂාව පතා. බල නහර කපන ආණ්ඩුවෙන් උන්වහන්සේගේ ජීවිතය බේරාගැනීම සඳහා.”

කෙසේ වෙතත්, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බලංගොඩ කස්සප හිමි පැයකට පමණ පසුව ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය බව දන්වා රෝහලින් පිටව ගිය බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කළේ,

“ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසු ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය බව දන්වා රෝහලින් බැහැරව ගොස් තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ පැමිණි කාරණාව සම්බන්ධව අදාළ වෛද්‍යවරු විසින් පරීක්ෂා කර බලා අදාළ විකිරණ පරීක්ෂණයන් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයන්, ඒ වගේම උන්වහන්සේගේ ලේ පරීක්ෂාවන් සිදුකරලා බලලා තියෙනවා ඒවායේ කිසිදු වරදක් ඇති බවට ඒ අවස්ථාවේදී සලකුණු සටහන් වෙලා නෑ.

උන්වහන්සේගේ හිසට පහර වැදුණු බවට පැවසීම නිසා වෛද්‍යවරු යෝජනා කරලා තිබුණා හදිසි අනතුරු වාට්ටුවකට ඇතුළත් වෙලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට, නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබා ගැනීමේ අවශ්‍යතාව උන්වහන්සේට දැනුම්දීලා තිබුණා. නමුත් උන්වහන්සේ එම ප්‍රතිකාරයන් අවශ්‍ය නොවන බව පවසා පැයකට පමණ පසු ශ්‍රී ලංකා ජාතික රෝහලින් බැහැරව ගිය බවට වාර්තා වෙනවා.”

0 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?