කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා විසින් කඩුගන්නාව ඉලුක්වත්ත ප්රදේශයේදී පුද්ගලයෙක්ට පහරදී ඇත.
45 හැවිරිදි ගරාජ් හිමිකරුවෙක් එම පහර කෑමට ලක්ව ඇති බවත් ඔහු මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
එම පුද්ගලයා කඩුගන්නාව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව පේරාදේණිය රෝහලටත් පසුව මහනුවර ජාතික රෝහලටත් මාරු කර යවා ඇත.
එම පහරදීමට සම්බන්ධ බව කියන කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනිමට විමර්ශන ක්රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු කඩුගන්නාව නගර සභාවේ බලය පිහිටුවනු ලැබුවේ සමගි ජන බලවේගය ප්රමුඛ පක්ෂ කිහිපයකින් සැදුම්ලත් කණ්ඩායමක් විසින්ය.
ඒ අනුව කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදි සභාපති ධුරයට පත් වූයේ ලක්ෂිත අබේරත්නයි.
