දිවයිනේ නාගරික ප්රදේශ රැසක වායු ගුණාත්මකභාවය මධ්යස්ථ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
2026 ඔක්තෝබර් (30) වැනිදාට අදාළ දෛනික වායු ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාව මේ බව සඳහන් කරයි.
යාපනය, වවුනියාව, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම සහ මුලතිව් යන ප්රදේශවල වායු ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවති බව එම වාර්තාවේ සඳහන් වේ.
පවතින කාලගුණික තත්ත්වය අනුව ඉදිරි පැය 24 තුළ ශ්රී ලංකා වායු ගුණාත්මක දර්ශකය (SL AQI) 88ත් 120ත් අතර අගයක පැවතිය හැකි බවට අපේක්ෂා කෙරේ.
ඒ අනුව දිවයිනේ බොහෝ නාගරික ප්රදේශවල වායු ගුණාත්මකභාවය මධ්යස්ථ මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරේ.

