ට්‍රම්ප්ගේ සිහින බොදවෙයි.. එක බලයක් ඉතිරි කරමින් ට්‍රම්ප් පැත්තකට වෙයි

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී (2026) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය දෙවැනි තැනට දමමින් කොංග්‍රසයේ සෙනෙට් මණ්ඩලයේ බලය තහවුරු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇත.

අමෙරිකාවේ මහජන නියෝජිතයන් නියෝජනය වන්නේ එරට කොංග්‍රසයෙන් වන අතර අමෙරිකානු කොංග්‍රසය – සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත වේ.

සෙනෙට් සභාවේ ආසන 100න් තුනෙන් එකක් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා සෑම වසර දෙකකටම වරක් මධ්‍යවාර මැතිවරණයක් පැවැත්වෙයි.

සෙනෙට් සභාවේ එහි ආසන 51ක් දිනාගැනීමෙන් තනි පක්ෂයට බලය හිමිවන අතර තමන් සතුව ඇති ආසන 34ට අමතරව තවත් ආසන 20කට ආසන්න ප්‍රමාණයක් දිනාගනිමින් එහි බලය තහවුරු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය.

මැතිවරණයේ අවසන් ඡන්ද විමසීම නිමාවූයේ අමෙරිකාවට අයත් හවායි දූපතේ පැවති ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව වන අතර මෙයින්, අයෝවා, ඔහායෝ, කැන්සාස් සහ ටෙක්සාස් වැනි ප්‍රාන්තවල සිය ආධිපත්‍ය පතුරවමින් ඩිමොක්‍රටික් පක්ෂය සෙනෙට් සභාවේ ආසන 54ක් ජයග්‍රහණය කර ඇත.

ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් මිචිගන් ප්‍රාන්තය ජයගත් 42 හැවිරිදි අබ්දුල් අල් සායිඩ් අමෙරිකාවේ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා ලෙස වාර්තා අතරට එක්විය.

නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තය ජයගත් ක්‍රිස් පප්පාස් එරට සෙනෙට් සභාවට පත්වූ පළමු සමරිසි සභිකයා ලෙසද ඉතිහාසයට එක්වෙයි.

තවද, ජෝර්ජියා හි ආණ්ඩුකාර ධුරයට පත්වූ කේයිෂා බොටම් පළමු කළු ජාතික ආණ්ඩුකාරවරයා ලෙස ඉතිහාසයට එක්වෙයි.

මැතිවරණය පැවැත්වෙන අතරතුර විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, ඊශ්‍රායලය වෙත වාර්ෂිකව ප්‍රදානය කරන අමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ වන යුද ආධාර අත්හිටුවන බවයි.

ජනාධිපති ට්‍රම්ප් පාලනය යටතේ ජනතාව මුහුණදෙමින් සිටින ආර්ථික ගැටලු, ජීවන වියදම ඉහළයාම, ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණික ප්‍රතිපත්ති සහ ඉරාන යුද්ධය ඇතුළු විදෙස් ප්‍රතිපත්ති ආදිය මෙවර අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රධාන මාතෘකා වී තිබුණේය.

කෙසේ වෙතත් තවමත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව විශාල බලයක් ඇති අතර සුදුසු පරිදි සිය විධායක බලය භාවිත කිරීමට ඔහුට අවස්ථාව හිමි වේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel