බිහිසුණු බස් අනතුරෙන් දෙදෙනෙක් මරුට.. 50ක් රෝහලේ

අද (10) දින මැදවච්චිය – අනුරාධපුර මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත.

මෙම බිහිසුණු අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් 50කට ආසන්න පිරිසක් තුව‍ාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel