දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි ලබන (20) වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය.
මේ මස (12) වැනිදා සිට දෙසැම්බර් (14) වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව නඩුව කැඳවූ අවස්ථාවේදී චාමර සම්පත් දසනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සඳහන් කළේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ සැකකරුවන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා ඉදිරිපත් කිරීමට අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවයි.
