ආසියානු සංවර්ධන බැංකු හා ලෝක බැංකු මූල්‍යාධාර පහසුකම් යටතේ අස්වැසුම සුබසාධක ප්රතිලාභ ලබන දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025-10-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
මේ වනවිට ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යටතේ පවුල් 8,660ක් සඳහා අදාළ ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබාදී එම බැංකුව විසින් ක්‍රියාත්මක කළ වැඩසටහන අවසන් කර ඇත.
ලෝක බැංකු ණය වැඩසටහනේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් පළමු අදියරේදී දිස්ත්‍රික්ක 07ක පවුල් 4,900ක් සඳහා ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබාදී ඇති අතර එහි දෙවන අදියරේදී දිස්ත්‍රික්ක 05ක මේ වන විට හඳුනා ගනු ලැබ ඇති පවුල් 6,600ක් සඳහා ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දීමට සැලසුම් කර තිබේ.
එම සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමේදී ලද අත්දැකීම් මත දැනට සවිබල ගැන්වීමේ පවුල් ඒකකයක් සඳහා ලබා දෙන මූල්‍ය ප්රදානය ඉහළ නැංවීමට සහ ව්‍යාපෘතියේ ගුණාත්මක භාවයට හානියක් නොවන පරිදි ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව ඉහළ නැංවීමට ලෝක බැංකුවේ එකඟතාව ලැබී ඇත.
ඒ අනුව, ලෝක බැංකු ණය වැඩසටහනේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සවිබල ගැන්වීමට අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 10,975 සිට 11,500ක් දක්වා වැඩි කිරීමටත්, දැනට ලබා දෙන රුපියල් 150,000/-ක උපරිම ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන සීමාව එම ව්‍යාපෘතියේ දෙවන අදියරේදී හඳුනා ගනු ලබන සුදුසුකම්ලත් ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් 200,000/-ක් දක්වා වන සේ වැඩි කිරීමටත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
