ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු 2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ඔවුන් නියෝජනය කළ කණ්ඩායම් වලින් නිදහස් කර ඇත.
ඒ අනුව, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් මෙලෙස නිදහස් කළ ක්‍රීඩකයින් වේ.
එහෙත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දසුන් ශානක, ඒෂාන් මාලිංග සහ නුවන් තුෂාර ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් විසින් තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර ඇත.
