ලාෆ් ගෑස් භාවිත කරන ආපනශාලා කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාරවල මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 10කින් සහ කෙටි ආහාරවල මිල රුපියල් 2.50කින් අඩු කිරීමට තීරණය කර ඇත.
ලාෆ් ගෑස් මිල අඩු කිරීමට සාපේක්ෂව එම සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මිල සංශෝධනය සිදුකළ බව එම සංගමය සඳහන් කරයි.
