චාමර සම්පත්ට ඇපත් නෑ

දූෂණ චෝදනාවක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (20) දින ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රත් අසංග එස් බෝදරගම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

පොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් තුනකට බලපත්‍ර ලබාදීමට රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධව චාමර සම්පත් දසනායක අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel