දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය කොළඹ වරාය නගරයේදී ස්ථාපිත කර ඇති අතර පුද්ගලයින් 4,000ක් දක්වා සහභාගී විය හැකි පරිදි මෙය නිර්මාණය කර ඇත.
මෙම විශේෂිත ගෘහස්ථ උත්සව පරිශ්‍රය දෙසැම්බර් මාසය අවසන් වන විට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට පෙර සිවිල් ඉදිකිරීම් කටයුතු කිහිපයක් තවදුරටත් අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.
සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, ව්‍යාපාරික හමුවීම් සහ විශාල පරිමාණයේ උත්සව පැවැත්වීම සඳහා මෙම පරිශ්‍රය භාවිත කිරීමට නියමිත බව CHEC Port City Colombo සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ඉඩම් සංවර්ධන හා අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශලක විජේරත්න සඳහන් කරයි.
කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට යෝජිත ස්ථිර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය සංවර්ධනය කරන තෙක් මෙම Air Dome පරිශ්‍රය අතුරු පහසුකමක් ලෙස භාවිත කිරීමට ද නියමිතය.
ඩුබායි ඇතුළු ජාත්‍යන්තර නගරවල මෙවැනි පහසුකම් ආදර්ශයට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
