අත්අඩංගුවට ගන්න එපා කියන ගෝඨාභය.. දින නියම කරයි

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස (05) වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළේය.

මෙම නඩුකරය අද (25) මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel