නැගෙනහිර කලාපයේ කම්පන ලංකාවට බලපායි.. සුනාමි අවදානම්

ඉන්දියානු සාගර කලාපයේ නැගෙනහිර කාලපය තුළ පමණක් සිදුවන භූ කම්පනවලින් මෙරටට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න සඳහන් කරයි.

නැගෙනහිර කලාපයේ ඉන්දුනිසියාවේ, අන්දමන් දූපත් ආශ්‍රිතව නොගැඹුරු මුහුදේ පතුල ආසන්නයේ කම්පනයක් සිදුවුවහොත් පමණක් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති වන බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න සඳහන් කරයි.

ඉන්දියානු සාගර කලාපයේ මොරීෂස් කලාපයේ ඊයේ (24) දින සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මේ බව සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න සඳහන් කළේ,

“ඔය කියන භූමිකම්පාව සිදුවෙලා තියෙන්නේ, ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු තලය දෙකට බෙදිලා තියෙන මේ තලයේ බටහිර මායිමේ. ලංකාවෙන් බොහෝ දුර ගැඹුරු මුහුදේ නිසා අපිට සුනාමි හෝ කිසිම අනතුරක් සිදුවෙන්න ඉඩක් නෑ.

අපිට භූමිකම්පාවලින් බලපෑමක් ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් එකම පැත්ත තමා නැගෙනහිර කලාපයේ ඉන්දුනිසියාවේ, අන්දමන් දූපත් ආශ්‍රිතව නොගැඹුරු මුහුදේ පතුල ආසන්නයේ කම්පනයක් සිදුවුවහොත් පමණයි සුනාමි එන්න පුළුවන්. එහෙම නැතුව වෙන කොහේ සිදුවුණත් අනතුරක් නෑ.”

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel