ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද (25) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආනන්ද පාලිත නැවතත් දෙසැම්බර් මස (04) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) දින නියෝග කළේය.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත නොවැම්බර් මස (17) වැනිදා අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (25) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
පසුගිය 2015 සිට 2019 වසර දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකුව සිටියදී අතිකාල දීමනා රුපියල් තිස් එක් ලක්ෂ එකොළොස් දහසක් වංචා කළ බවට ආනන්ද පාලිතට චෝදනා එල්ල වී ඇත.
