ඩයනා ගමගේට තහංචි පිට තහංචි.!

මෙරට පුරවැසිභාවය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ තීන්දුව හේතුවෙන් තම පාර්ලිමේන්තු ධූරය අහෝසි වී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වෙත අද (9) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ තවත් අධිකරණ තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඒ එක්සත් රාජධානියේ, ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික හෝ කිසියම් ඕනෑම විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශ ගතවීම වළක්වමින්, එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමුකිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම තහනම නිකුත් කෙරෙනු ලැබුවේ ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට එරෙහිව ඇයට මින් පෙර පවරා ඇති නඩුව ප්‍රකාරවයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS