හිටපු ඇමති ෆවුසිට ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය දුන් තීන්දුව

LIVE

නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබාදී තිබූ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් ආපදා කළමනාකරණ හිටපු ඇමති ඒ.එච්.එම්.ෆවුසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 66ක මුදලක් වන්දි වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන් වී ඇති අතර එම අවභාවිතා කළ වාහනයේ ඡායාරූපයත් සමඟ සමාව ඉල්ලා භාෂා තුනකින් පුවත්පත්වල දැන්වීම් පළ කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ.එච්.එම්. ෆවුසිට නියම කර ඇත.

2 Comments
Most Voted
Newest Oldest