ඉන්ධන සහනාධාරය ලැබෙන්නේ මෙහෙමයි

LIVE

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඉදිරි මාස තුනක කාලයක් සඳහා ඉන්ධන සහනයක් ලබාදීමට රජය තීරණය කළේය.

ඒ අනුව, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා මෙම සහනය ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

පොදු මහජනතාවට සහනයක් සැලසෙන අයුරින් රජය විසින් ඉදිරි මාස 03ක කාලසීමාවක් සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා විකුණුම් මිල මත සහනයක් සලසා දීමට සැලසුම් කරනු ලැබ ඇත.

ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15ක්ද, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5ක්ද, දෙසැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 12.15ක්ද වෙන් කිරීමට නියමිතය.

ඒ අනුව, මාස තුන සඳහා ඩීසල් සහනාධාරය වෙනුවෙන් වෙන් කෙරෙන සමස්ත මුදල රුපියල් බිලියන 40.65කි.

0 Comments
Most Voted
Newest Oldest