මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයකට නඩු පවරයි

මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයකට එරෙහිව දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.

බදු පැහැර හරිනු ලැබු මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් පැහැර හරිනු ලැබූ බදු අයකර ගැනීම සඳහා නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා අද (20) දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

බදු ගෙවිම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් එම බදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැදවනු ලැබුවේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කළේය.

0 Comments
Most Voted
Newest Oldest