Advertisements

අර්ච්චුනා ගිනිඅවියක් පෙන්වා කාන්තාවන් බය කරයි

LIVE

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී ගිනි අවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදුකර ඇත.

මන්ත්‍රීවරයා එම ප්‍රදේශයේ ඉඩමක් පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමෙන් කොටසක් තමන්ට අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමග වාද කර ඇත.

එම ඉඩමේ අයිතිය සම්බන්ධව මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර අදාළ ඉඩම තමාට අයත් බව පවසා මන්ත්‍රී අර්ච්චුනා එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇත.

එහිදී මන්ත්‍රීවරයා අදාළ කාන්තාව සමග වාද කර ඇති අතර එහිදී මන්ත්‍රීවරයා තමා අතැතිව ගිනි අවිය තිබෙන ආකාරයට හැසීරී කාන්තාවන් බියගන්වා ඇත.

1 Comment
Most Voted
Newest Oldest