Advertisements

තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට

ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ට වඩාත් විශ්වාසනීය විදුලි සැපයුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ව්‍යාපෘතිය යටතේ තවත් පද්ධති 07ක් ඊයේ (25) කොළඹ වරායට ළඟා විය.

මෙම පද්ධති පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි සහ මහියංගනය යන ප්‍රදේශවල පිහිටි විදුලි බල සම්ප්‍රේෂණ උපපොලවල් ආසන්නයේ ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම පද්ධති 07 මඟින් 280MWh ක බලශක්ති ගබඩා ධාරිතාවක් හිමි වන අතර 70MW ක විදුලි බලයක් ජාතික විදුලි බල ජාලයට ලබාදිය හැකිය.

මීට පෙර ජූනි මස මුලදී මෙරටට ගෙන ආ පද්ධති 08 ද මේ වනවිට ස්ථාපිත කරමින් පවතින අතර ජූලි මස අවසන් වනවිට එමඟින් 80MW ක විදුලි බලයක් ජාතික ජාලයට එක් කිරීමට නියමිතය.

පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම, බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ ජනතාවට වඩාත් ස්ථාවර හා විශ්වාසනීය විදුලි සැපයුමක් ලබාදීම සඳහා මෙම ව්‍යාපෘතිය තවත් වැදගත් පියවරක් වේ.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest