Local news

දැනගැනීමේ අයිතිය.. රිවස් ගැසට් එක.. රජයේ තීරණය

දැනගැනීමේ අයිතිය.. රිවස් ගැසට් එක.. රජයේ තීරණය

2026 ජූලි (24) දිනැති ගැසට් පත්‍රයේ පළකරන ලද පනත් කෙටුම්පතේ, වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනයා විසින් භාවිත කළ හැකි ආකාරය සීමා කිරීමට යෝජනා කර ඇති කොටස මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් අදාළ නොවන පරිදි වෙනස් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

එම දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (06) දින පාර්ලිමේන්තතුවේදී සඳහන් කරයි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් තේරී පත්වූ මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ඒවා පරීක්ෂා කිරීමට, මාධ්‍යවල පළ කිරීමට, සංසන්දනය කිරීමට සහ අදාළ බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට දැනට පවතින අවකාශය ආරක්ෂා වන පරිදි පනත් කෙටුම්පත වෙනස් කිරීමට නියමිතය.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අපේ රට තුළ විශාල වෙනසක් ඇති කළ පනතක්.එම පනතේ 86 සහ 88 වගන්ති අනුව තිබුණු ආකාරය තමයි අපේ රටේ ඉහළ නිලධාරීන් දේශපාලන නායකත්වය මේ සියලු දෙනාම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල තමන්ගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනි කියන එක.

ඒ අනුව එම පනතට අනුව ආසන්න වශයෙන් පුද්ගලයින් 300ක් පමණ ජනාධිපතිගේ සිට පහළට මේ තොරතුරු වත්කම් බැරකම් ප්‍රකාශවල සියල්ල ලබාදිය යුතුව තිබුණා. ඒක දිය යුතුව තිබුණේ මුද්‍රිතව. ඉන් පසුව එය සංශෝධනය කලා මෙය ලබාදීමේ ක්‍රමවේදය ඔන්ලයින් ලබා දෙන්න.”  

සියලුම පාසල් වලට නිවාඩු

සියලුම පාසල් වලට නිවාඩු

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ නිවාඩු ලබාදීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව 2026 වර්ෂයේ පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා හෙට (07) දිනයෙන් අවසන් වේ.

අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු (10) සිට සැප්තැම්බර් (05) දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස (09) වන දින පැවැවෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් (07) වන සඳුදා දින ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් (04) වන දින තෙවන පාසල් වාරය අවසන් වේ. 

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගය පෙර ත්‍රිවිධ හමුදාව සූදානම්

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගය පෙර ත්‍රිවිධ හමුදාව සූදානම්

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කර විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ඇති වන ආපදා ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 05ක් හඳන්වාදෙන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අඛණ්ඩ සහයෝගය ඇතිව එය ක්‍රියාත්මක කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරයි.

අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ,

“ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කරලා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. විභාගයට පෙරත් අවසන් වී පසු දිනයේදීත් මෙම සැලැස්ම ක්‍රියාත්මකයි.

යම්කිසි ආපදා තත්ත්වයක් ඇතුවුවහොත් දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා අවශ්‍ය පරිදි පහසුකම් සලසා දීමට, ප්‍රශ්නපත්‍ර ප්‍රවාහනයේදී මෙන්ම නිලධාරීන්ට රාජකාරි කටයුතු සිදුකිරීමට සැලසුම් සකස් කරලා තියෙන්නේ.

නව දුරකථන අංක 5ක් ලබා දෙනවා විභාග දිනයට පෙර දිනයේ දී. එමෙන්ම 117 දුරකථන අංකය විවෘතයි. තාක්ෂණිත වාර්ථාවන් පැය 6න් 6යට හෝ 3න් 3ට ලබා දීමට නියමිතයි. ත්‍රිවිධ හමුදාව පොලීසිය එකතුව අඛණ්ඩව වැඩකටයුතු කිරීමට නියමිතයි.”

එක් වරක් පමණක් ගෙවා හිතේ හැටියට අසීමිත ගමන් වාර භුක්ති විදින්න

එක් වරක් පමණක් ගෙවා හිතේ හැටියට අසීමිත ගමන් වාර භුක්ති විදින්න

පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථවල ගමන් ගන්නා මගීන්ට සති අන්තයේදී අසීමිතව, තමන් කැමති ආකාරයට ගමන් කිරීමට අවස්ථාවක් ලබාදී ඇත.

ඒ අනුව Metro Bus Weekend Pass සමඟ එක් වරක් පමණක් ගෙවා සම්පූර්ණ සති අන්තය පුරාම අසීමිත ගමන් වාර භුක්ති විඳීමට හැකිය.

මෙට්‍රෝ (Metro) බස් රථවල සති අන්තයේ ගමන් ගන්නා සියලුම මගීන්ට රුපියල් 799ක සහන පැකේජයක් හඳුන්වාදී ඇත.

Metro බස් සේවාවල අසීමිත ගමන් වාර
සෙනසුරාදා අලුයම 12:00 සිට ඉරිදා රාත්‍රී 11:59 දක්වා වලංගු වන අතර වයස අවුරුදු 12ට අඩු ළමුන්ගෙන් මුදල් අය නොකරයි.

රටේ ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් මෙරටට ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104 සැප්තැම්බර් මාසයේ සිට ප්‍රවාහනයට යෙදවීමට නියමිතය.

රෝහිත සහ යෝෂිත රහසිගතව දේපළ අත්පත් කරගෙන.. මියගිය අයගේ නම ගෑවෙයි

රෝහිත සහ යෝෂිත රහසිගතව දේපළ අත්පත් කරගෙන.. මියගිය අයගේ නම ගෑවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පුද්ගලයින් තිදෙනෙකුගේ නම් භාවිතා කරමින් රහසිගතව දේපළ අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

දොළොස්බාගේ ප්‍රදේශයේ පිහිටි කෙලී ගෲප් වතුයායට අයත් අක්කර 135ක තේ ඉඩමක් සහ 1918 වසරේ ඉදිකරන ලද අක්කර භාගයක පමණ වපසරියකින් යුත් බංගලාවක් මෙලෙස අත්පත් කරගෙන ඇති බව එම සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර සඳහන් කරයි.

මෙම ගනුදෙනුව සඳහා ඔසාඩා ප්ලාන්ටේෂන් නමැති සමාගමක් භාවිතා කර ඇති බවත් එහි අධ්‍යක්ෂවරුන් ලෙස ඒ.එස්. රිෂාඩ්, එම්.එස්. මොහොමඩ් සාමි සහ එම්.එස්.එම්. රිෂාඩ් යන පුද්ගලයින් පෙනී සිටින බවද සභාපති කාමන්ත තුෂාර සඳහන් කරයි.

තවද, මියගිය පුද්ගලයෙකු වන අරුණ විධානගේ සහ නෙවිල් නමැති පුද්ගලයෙකු හරහා ද මෙම ගනුදෙනු සිදුව ඇති බවට අදාළ ලේඛන මගින් තහවුරු වන බවද සභාපති කාමන්ත තුෂාර සඳහන් කරයි.

ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්

ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිතුක් කර ඇත.

ඒ අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව සඳහන් කරයි.

මඩකලපුව සිට කන්කසන්තුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව සඳහන් කරයි.

එනිසා මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසද දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පාසල් සිසුන් 50ක් රෝහල්ගත කළ ප්‍රහාරය

පාසල් සිසුන් 50ක් රෝහල්ගත කළ ප්‍රහාරය

ත්‍රිකුණාමලය දිවුල්වැව මහා විද්‍යාලයේ සිසුන් 50කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

පාසලේ ගොඩනැගිල්ලක තිබූ බඹර වදයක් ඇවිස්සීමට ගත් උත්සාහයක් හේතුවෙන් සිසුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ. 

අනතුරුව ප්‍රතිකාර සඳහා මහදිවුල්වැව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ සිසුවියන් තිදෙනෙකු ත්‍රිකුණාමලය මහා රෝහලට මාරුකර යවා ඇත.

පාස්කු නඩුවේ තීරණාත්මක අවස්ථාව.. වහාම විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව දැඩි කරයි

පාස්කු නඩුවේ තීරණාත්මක අවස්ථාව.. වහාම විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව දැඩි කරයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ මහ නඩුවේ පැමිණිල්ලේ තීරණාත්මක සාක්ෂි විභාග කෙරෙන වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතුරුපැදි සංඛ්‍යාව ඊයේ (05) දින සිට ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක සහ මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් යන මෙම විශේෂ විනිසුරු මඬුල්ල හමුවේ පාස්කු මහ නඩුව දිනපතා විභාග වේ.

2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මෙම නඩු විභාගය පැවැත්වෙයි.

මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ තීරණාත්මක තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් පවතියි.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනාවන්ට වරදකරුවන් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගියදා මරණ දඬුවම නියම කළේය.

ලෝකයේ අංක 01ක අපේ රුමේෂ්

ලෝකයේ අංක 01ක අපේ රුමේෂ්

ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 01 ක්‍රීඩකයා බවට පත්ව ඇත.

ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමිනි මෙලෙස ලොව පළමු ස්ථානය දිනාගෙන ඇත.

ඒ අනුව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ රුමේෂ් තරංගයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට

දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට

“හෝමූස් සමුද්‍ර සන්ධිය” කඩිනමින් යළි විවෘත නොකළහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

ඉරානය සිදුකළ දැඩි ඉල්ලීම් මත පමණක් තමන් ගැටුම් නවතා යළි සාකච්ඡා සඳහා අවතීර්ණ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් සඳහන් කරයි.

එහෙත්, තමන් ඊට පෙර සූදානම්ව සිටියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට එල්ල කිරීමට බවද ජනාධිපති ඩොනල්ඩ් සඳහන් කරයි.