Local news

යෝෂිතට සහ වසන්තට අධිකරණයෙන් නියෝගයක්

යෝෂිතට සහ වසන්තට අධිකරණයෙන් නියෝගයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අද (04) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

අනතුරුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට, නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

අස්සෙන් ඉස්සර කිරීම බෑ.. විශේෂ මංතීරුවෙන් විතරයි

අස්සෙන් ඉස්සර කිරීම බෑ.. විශේෂ මංතීරුවෙන් විතරයි

ප්‍රධාන මාර්ගවල යතුරුපැදි ධාවනයට විශේෂ මංතීරුවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා මෙම විශේෂ මංතීරුව හඳුන්වා දෙන බවත් එහි පළමු අදියර කලවංචිකුඩි නගරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“ලංකාවේ සාමාන්‍යයෙන් මිනිස්සු 2,500ක් විතර මාර්ග අනතුරුවලින් මියයනවා. 2025 දී 2,750ක් මැරිලා තියෙනවා. අපි යතුරුපැදිවල ඉස්සරහා සහ පිටුපස යන දෙගොල්ලන්ගෙන්ම 2019 දී 1,400ක් මියගිහින් තියෙනවා.

මේ අවුරුදු 9,000ක් නැති වෙලා තියෙනවා යතුරුපැදිවල ගිහින්. ලංකාවේ රථ වාහන අනතුරු සහ මරණ නැති කරන්නම් යතුරුපැදි භාවිතය ගැන ඇති වෙලා තියෙන ගැටලුව විසඳන්න ඕනේ.

අපි ලංකාවේ පළවෙනි පාරට කලවංචිකුඩි නගරයේ යතුරුපැදි සඳහාම මංතීරුවක් ප්‍රධාන පාරේ කොටසක් අපි වෙන් කරනවා. සුදු ඉරකින් නෙමෙයි බ්‍රේකර්ස් දාලා හදනවා. මොකද ඒ පැත්තේ යතුරුපැදි ටිකක් වැඩියි.“

මහ වැසි හේතුවෙන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද.?

මහ වැසි හේතුවෙන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද.?

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව‍, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  සහ විභාග දෙපාර්තම්න්තුවේ නියෝජිතයින් අතර අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ,

“උසස් පෙළ විභාගය සමඟ ඒ කාලයට ඇතිවෙන දේවල් ගැන කතා කරන්න අපි විභාග දෙපාර්තමේන්තුවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 5 වැනිදා හමුවක් සුදානම් කරලා තියෙනවා. එතැනදී අපි සුදානම් වෙනවා කොහොමද ඒකට මුහුණදෙන්නේ කියලා.

අපි ගත්තොත් අගෝස්තු මාසය වැසි අඩු කාලයක්. නමුත් මෝසම සක්‍රීය වීම සමඟ මේක තාවකාලික සිදුවීමක්. ඒ එක්කම 6,7, සහ 8 දිනවලින් පස්සේ තරමක් දුරට වැස්ස අඩුවේවි. කොහොමත් විභාගය තියෙන්නේ 10න් පස්සේ ඒ වෙද්දි මේ බලපෑම ගොඩක් අඩුයි.“

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප්

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප්

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා පත් කළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද (04) පෙරවරු 10.00ට කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී සිදු කෙරේ.

2026 ජූනි (22) දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපති විධානයකට අනුව මෙම කොමිෂන් සභාව පිහිටුවා ඇත.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය සිදුවිය යුතුද යන්න සඳහා නිර්දේශ ලබාදීම ආදිය පිළිබඳ වගකීම මෙම කොමිසම වෙත පවරා ඇත.

එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වෘත්තීය සමිති, සංවිධාන සහ මහජනතාව වෙතින් අදහස් සහ යෝජනා කැඳවීමද අද දිනයේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

අලුත්ම වෙනසක්.. 100 for 100 ඇරඹෙයි

අලුත්ම වෙනසක්.. 100 for 100 ඇරඹෙයි

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ (National Council for Road Safety) සංවිධායකත්වයෙන් හේලීස් ඇඩ්වාන්ටීස් සමාගම (Hayleys Advantis Ltd.) විසින් 100 for 100 – ජාතික ආයතනික යතුරු පැදි ධාවන සුරක්ෂිතතා වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළේය.

මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහනට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගනිමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ සැලසුම් කර ඇත.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහභාගිත්වයෙන් ක්‍රියාත්මක මෙම ජාතික වැඩසටහන සඳහා පෞද්ගලික ආයතන 100ක් සම්බන්ධ කර ගනිමින් ඉන් එක් එක් ආයතන මගින් යතුරු පැදි ධාවකයින් 100 දෙනෙකු ඊට දායක කරගැනේ.

සුරක්ෂිත රිය ධාවනයට දැනුම ලබාදීම සහ ඊට අදාල සුරක්ෂිතතා සහාය සැපයීම සඳහා සේවා ස්ථාන, භාණ්ඩ බෙදාහැරීමේ ජාල සහ ආයතනික ප්‍රජාවන් යොදාගැනීම මගින් යතුරුපැදි ධාවකයින්ට පොදු සම්බන්ධතා මධ්‍යස්ථානයක් නොමැතිකමින් පැන නැගී ඇති ගැටළුවලට මෙම වැඩසටහන මගින් විසඳුම් සැපයීම සිදුකරයි.

100 for 100 යනු යතුරුපැදි ධාවකයින්ගේ සුරක්ෂිතතාව පිළිබඳ ජාතික ව්‍යාපාරයක් වන අතර සමාගම්, ආයතන, භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාර 100 ක් සම්බන්ධ කරගනිමින් එක් එක් ආයතනය මගින් යතුරුපැදි ධාවකයින් 100 දෙනෙකු මෙම වැඩසටහනට දායක කරගැනේ.

සුරක්ෂිත ධාවන පුහුණුව සහ ඊට අදාල සුරක්ෂිතතා ක්‍රියාමාර්ග හරහා ධාවකයින් 10,000ක් වෙත ළඟාවීමටත් මාර්ග ආරක්ෂාව පිළිබඳ පුළුල් වගකීම් සහගත සංස්කෘතියක් ගොඩනැගීමටත් මෙම වැඩසටහන මගින් සැලසුම් කර ඇත.

එළියට ආව විතරයි.. චරිත්ගේ ආයෙත් ලීක්

එළියට ආව විතරයි.. චරිත්ගේ ආයෙත් ලීක්

රුපියල් කෝටි ගණනක මුදල් ගනුදෙනු, ජාත්‍යන්තර මට්ටමේ පාතාල සබඳතා සහ ප්‍රසිද්ධ දේශපාලඥයින්ගේ පුතුන් ගැන කරුණු රැසක් අනාවරණය වන දුරකථන සංවාදයක හඬපටයක් ගැන කතාබහට ලක්ව ඇත.

සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ හර්බි නැමැති පුද්ගලයා අතර මෙම සංවාදය සිදුව ඇති අතර එම හඬපටයට අනුව, රුපියල් ලක්ෂ 200ක මුදල් ගනුදෙනුවක් පිළිබඳව හර්බි නැමැත්තා කරුණු අනාවරණය කර ඇත.

තවද හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වන රඛිත රාජපක්ෂ මෙම ගනුදෙනු වලට සම්බන්ධ බවත් ඔහු සහ තවත් පිරිසක් එක්ව සිදුකරන ඇතැම් ක්‍රියාවන් පිළිබඳව තමන් කලකිරීමෙන් පසුවන බවද හර්බි නැමැත්තා ප්‍රකාශ කරයි.

සංවාදය පුරාම දේශපාලන බලය සහ පාතාල සබඳතා භාවිත කරමින් සිදුකරන විවිධ ‘ඩීල්’ පිළිබඳව ඉඟි පළවන අතර නාමල්, චිචී, සාගල, කෙහෙළිය වැනි නම් මෙහිදී සඳහන් වේ.

‘මධූ’ නැමැති කාන්තාවකගේ මුදල් සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඇය සතු රුපියල් ලක්ෂ 800ක මුදලක් පිළිබඳව සහ ඇය පත්ව ඇති අසීරුතාවය ගැන හර්බි කරුණු දක්වයි. 

තමන් මෙම ගනුදෙනුවලින් රුපියලක් හෝ බලාපොරොත්තු නොවන බවත් තමන්ට අවශ්‍ය වන්නේ තම හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීම පමණක් බවත් පොරොන්දු වු ලෙස වැඩකටයුතු සිදු නොවීම ගැන හර්බි නැමැත්තා චරිත්ට දොස් පවරයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, එවක ජනාධිපතිවරයා වැනි ඉහළ නිලධාරීන් ලවා මේ වැඩ ටික කරවගන්න ලොකු මුදලක් ලබාදෙන්න සිදුවන බව මෙතනදී චරිත් අබේසිංහ කරන ප්‍රකාශයකින් අසන්නට ලැබෙනවා.

මර්වින්ගේ සල්ලි හුටපටය.. කෝප වූ රිතූ පාඩමක් උගන්නයි

මර්වින්ගේ සල්ලි හුටපටය.. කෝප වූ රිතූ පාඩමක් උගන්නයි

ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවකට අදාළ අධිචෝදනා පත්‍රයේ තමන්ගේ නම සහ බැංකු ගිණුම් තොරතුරු භාවිත කරමින් පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා සඳහන් කරයි.

බැංකු ගිණුම තමන්ගේ එකක් නොවන බවත් ඒ හා සම්බන්ධයෙන් තමන්ව ඉලක්ක කරගනිමින් ව්‍යාජ පුවත් පලකළ පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා සඳහන් කරයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිල නිවේදනයක් නිකුත් කරමින් රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා මේ බව සඳහන් කරයි.

“අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු අංක HCB 387/25 යටතේ ප්‍රසිද්ධ දේශපාලකයෙකුට එරෙහිව පවරා ඇති නඩුකරයට අදාළ අධිචෝදනාපත්‍රයේ DFCC බැංකුවේ රිතූ ආකර්ෂා යන අයගේ ගිණුම් අංක 027104000818 යන ගිණුමට 2010 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා, මුදල් බැර කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ගොනු කර ඇති අතර, ප්‍රසිද්ධ/ වගකිවයුතු පුවත්පත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙබ් අඩවි මඟින්, මාගේ රූපය හා මාගේ නම භාවිතා කරමින් එකී ගනුදෙණුවට මා සම්බන්ධ කරමින් හා/හෝ මා සම්බන්ධ බවට ඉඟි කරමින් පුවත් පළකර ඇත.

කෙසේ වෙතත්, මා වගකිවයුතු ලෙස ප්‍රකාශ කරන්නේ, ඉහත කී DFCC බැංකුවේ කිසිදු ගිණුමක් මේ දක්වා මා හට නොමැති බවත්, ඉහත අංක 027104000818 යන ගිණුම මා සතු ගිණුමක් නොවන බවත් ය. ඒ බව සනාථ කරමින් මාගේ ඉල්ලීම මත, DFCC බැංකුව විසින් නිකුත් කර ඇති ලිපිය මේ සමඟ අමුණා ඇත.

තවද, අධිචෝදනාපත්‍රයේ සඳහන්ව ඇති 2010-2012 කාල පරිච්ඡේදයේ දී මා පාසල් ශිෂ්‍යාවක් බවත් මම දන්වා සිටිමි.

ඒ අනුව, මාගේ ප්‍රතිරූපයට, වෘත්තීමය කීර්තියට හානි කරමින්, මා සම්බන්ධ කරමින් හා/හෝ මා සම්බන්ධ බවට ඉඟි කරමින් ව්‍යාජ පුවත් හා තොරතුරු පළ කර ඇති පුවත්පත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා අනෙකුත් සමාජ මාධ්‍ය ගිණුම් හිමියන්ට එරෙහිව දැනටමත් නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එකී ව්‍යාජ, සංස්කරණය කරන ලද තොරතුරු මාගේ ප්‍රතිරූපයට, වෘත්තීමය කීර්තියට හානි කරමින් පළ කරනු ලබන ඕනෑම අයෙකුට විරුද්ධව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව තවදුරටත් දන්වා සිටිමි.”

කට නිසා සාගරට වැඩ වරදී

කට නිසා සාගරට වැඩ වරදී

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ,

“අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නෑ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවාට.”

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“ඔවුන්ට බලය වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ග ගන්න තියෙන හැකියාව තමයි නැවත නැවත ඔවුන් මේ ඔප්පු කරමින් ඉන්නේ. මේ වෙනකොට වර්තමාන පොලිස්පතිතුමා විශේෂයෙන් තමන්ගේ සේවාව කාර්යක්ෂමව, මැනවින් ඉටු කරමින් ඉන්නවා.”

“ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ බොහෝ පිරිස් විවිධ වංචා වලට සම්බන්ධ වෙලා, මහජන දේපල කොල්ලකෑමට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශන ඉතාම කාර්යක්ෂමව සිද්ධ වෙමින් පවතිනවා. මෙවැනි දූෂිතයන් මේ වෙනකොට බියට පත්වෙලා මේ වගේ මනෝ විකාර ප්‍රකාශ කරනවා.”

කඳ තියනවා.. හිස නෑ.. ඇති ප්‍රයෝජනය මොකක්ද

කඳ තියනවා.. හිස නෑ.. ඇති ප්‍රයෝජනය මොකක්ද

ලංකාවේ බන්ධනාගාර වල භයානක තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මේ වනවිට බන්ධනාගර කොමසාරිස් ජනරාල්වරයෙක් නොමැති බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කරයි.

මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කළේ,

“ඉතාමත් භයානක තත්ත්වයක් ඇතිවෙලා තියනවා. අරාජික තත්ත්වය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල. ප්‍රධානියෙක් නෑ. කොමසාරි ජනරල්වරයෙක් මේ රටේ නෑ. එතකොට කඳ තියනවා, හිස නෑ.

මීට ඉස්සල්ලා හිටියේ තුෂාර උපුල්දෙනිය. එතුමාගේ වැඩ තහනම් කළා. එතකොට මානව හිමිකම කොමිෂන් සභාව නියෝගයක් දුන්නා එතුමාව ආයේ පත් කරන්න කියලා.

කිසිසේත් ඒ නියෝගය ගණන් ගත්තේ නෑ. ඉතින් එහෙනම් මානව හිමිකම් කොම්ෂන් සභාවක් මේ රටේ තියෙන එකේ ප්‍රයෝජනය මොකක්ද.”

මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී.එල් පීරිස් මේ බව සඳහන් කරයි.

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ජංගම මුළුතැන්ගෙවල් සූදානම්

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ජංගම මුළුතැන්ගෙවල් සූදානම්

පවතින ආපද‍ා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් ආහාර පහසුකම් සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජංගම මුළුතැන්ගෙවල් හතරක් (04) සූදානම් කර ඇත.

අවශ්‍යතාව මත ක්ෂණිකව උණුසුම් ආහාර සැපයීම සඳහා එම ජංගම මුළුතැන්ගෙවල් යෙදවීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටින බවද ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.