LIVE
ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිල ප්‍රධානී මොෂෙන් රෙසායි (Mohsen Rezaei) රටවල් රැසකට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
ඉරානයට එරෙහිව අමෙරිකාව ක්‍රියාත්මක කරන ආර්ථික පීඩන වලට සහාය දක්වන ලොව ඕනෑම රටක් ඉරානයේ සතුරෙක් ලෙස සලකන බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිල ප්‍රධානී Mohsen Rezaei සඳහන් කරයි.
තම අසල්වැසි රටවල් අමෙරිකාව පනවන සම්බාධක ක්‍රියාමාර්ගය වලට සම්බන්ධ වුවහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා එකඳු තෙල් බිදක් අපනයනය කිරීමට ඉඩ නොදෙන බවද ආරක්ෂක කවුන්සිල ප්‍රධානී Mohsen Rezaei සඳහන් කරයි.
