Local news

පිස්තෝල අවියක් සමග ලොකු පැටීගේ ගෝලයින් දෙකක් අත්අඩංගුවට

පිස්තෝල අවියක් සමග ලොකු පැටීගේ ගෝලයින් දෙකක් අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබ් 01ක්, ජීව පතරොම් 16ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක් සමග සැකකරුවෙක් අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිස්තෝල අවිය මීට දින කිහිපයකට පෙර වෙනත් පුද්ගලයෙකු විසින් මොහුට ලබාදී ඇති බවට අනාවරණය වී ඇති අතර එම සැකකරුද අම්බලන්ගොඩ, වාද්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නමැත්තාගේ ගෝලයින් බවට අනාවරණය වී ඇත.

ඉරාන වෙරළට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාර

ඉරාන වෙරළට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාර

කුඩා යාත්‍රා කිහිපයක් මගින් ඉරාන වෙරළට ඔබ්බෙන් මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය ඉරානයේ සිරික් (Sirik) වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් සිදුව ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

ලයිබීරියානු ධජය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට එම ප්‍රහාරයට ලක්වූ නෞකාව කරමින් තිබූ බව සඳහන් වේ.

ඉරාන සාම යෝජනා පිළිගැනීම අවිනිශ්චිතයි

ඉරාන සාම යෝජනා පිළිගැනීම අවිනිශ්චිතයි

ඉරානය ඉදිරිපත් කළ නව සාම යෝජනාවේ නිශ්චිත වගන්ති තවමත් සමාලෝචනය කර නොමැති බවත් එය ඉක්මනින් සමාලෝචනය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මාස දෙකකට පෙර තමන් ආරම්භ කළ යුද්ධය අවසන් කිරීමට උත්සාහ කරන අතරතුරම, ගුවන් ප්‍රහාර යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා ඇත.

“ඉරානය අප වෙත එවා ඇති සැලසුම මම ඉක්මනින් සමාලෝචනය කරනවා. නමුත් පසුගිය වසර 47 පුරා ඔවුන් මානව වර්ගයාට සහ ලෝකයට කළ විනාශය වෙනුවෙන් තවමත් ප්‍රමාණවත් වන්දියක් ගෙවා නැති නිසා, මෙම යෝජනාව පිළිගත හැකි එකක් වේවි යැයි මට සිතන්නට බැහැ.”

මාලදිවයින් ජනපති දිවයිනට

මාලදිවයින් ජනපති දිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා, ලබන (06) වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මාලෙ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ‘UL 116’ දරන ගුවන් යානයෙන් ජනාධිපති මොහොමඩ් මුයිසුට අමතරව ජනාධිපති ආර්යාව සමගින් උසස් නිලධාරීන් 20 දෙනෙකු මෙලෙස කටුනායක වෙත පැමිණ ඇත.

පසුගිය 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ.

ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

අද (03) දින ගාල්ල බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් දෙදෙනෙකු පලායෑමට උත්සහා කිරීමේදී නිලධාරින් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත. 

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

වාහන මිල ගණන් ඉහළ යන ලකුණු 

වාහන මිල ගණන් ඉහළ යන ලකුණු 

වාහන මිල ගණන් ඉදිරියේදී ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සඳහන් කරයි.

මැයි මාසයේ සිට සමාජ ආරක්ෂණ බද්ධ 2.5 දක්වා ඉහළ දැමීම, වාහන මිල වැඩි වීමට හේතුවක් වනු ඇති බවද ප්‍රසාද් මානගේ සඳහන් කරයි.

සභාපති ප්‍රසාද් මානගේ සඳහන් කළේ,

“රජය වාහනය ආනයනය කරන එකෙන් ලොකු ආදායමක් බලාපොරොත්තු වෙනවා. මගේ ගණනය කිරීම හරි නම්, බිලියන 700ක් විතර මේ වතාවේ බලාපොරොත්තු වෙනවා. රජයට වැඩිපුර ආදායමක් ලබා දෙන්නේ අපි.

විශේෂයෙන්ම භාවිත කරන ලද කාර් වලින්. ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ඩොලරයකට ඩොලර් 1.5ක ආදායමක්. අපි ගෙන්වන වාහනවලදී ඩොලර් දෙකක්, 2.5ක් දක්වා බදු ගෙවනවා.

සමහර විද්‍යුත් වාහන ආනයනයේදී තියෙන බදු ප්‍රශ්න නිසා ඩොලර් එකකට ඊටත් වඩා අඩු ආදායමක් තමයි ලැබෙන්නේ. මේවා විශ්ලේෂණය කරලා බලන්න කියලා අපි රජයට කියලා තියෙනවා.

රජය බලාපොරොත්තු වෙන ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කළ කාර් වලින් ලැබෙන නිසා රජය දිනුම් වගේ පේනවා.  

මැයි මාසයේ සිට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ 2.5ක් වෙලා තියෙනවා. ඒ එකක්ම විදේශ විනිමය අනුපාතවල අගයන් වැඩි වෙලා තියෙනවා. වාහනවල මිල යම් ඉහළ යාමක් ඉදිරියේදී දකින්න පුළුවන්.”

ඉන්ධන මිල හමුවේ බස් ගාස්තු ගැන කියන ගැමුණු

ඉන්ධන මිල හමුවේ බස් ගාස්තු ගැන කියන ගැමුණු

ඊයේ (02) දිනයේදී ඉන්ධන මිල වෙනස් වුවද එම වෙනස්වූ මුදල බස් ගාස්තු සංශෝධනය සඳහා ආදේශ කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

එම සංශෝධනය වූ මුදල ආදේශ කළ නොහැකි නමුත් බස් රථ ධාවනයේදී පාඩු ලැබීමට බස් රථ හිමියන්ට මේ වන විට සිදුව ඇති බවද සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

ඒ අනුව මෙම ගාස්තුව ඉහළ යාමත් සමගම ඇතිවන පාඩුව බස් හිමියන්ට දරාගැනීමට සිදුවන බවද සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

අද (03) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කරයි.

විදෙස් ජාතිකයින් 120කට ආසන්න පිරිසක් රාජගිරියේදී අත්අඩංගුවට

විදෙස් ජාතිකයින් 120කට ආසන්න පිරිසක් රාජගිරියේදී අත්අඩංගුවට

නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම මත, රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරන පිරිස් සිටින බව පොලීසිය සඳහන් කරයි.

මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයක මහල් කිහිපයක් කුලී පදනම මත ලබා ගනිමින් නැවතී සිට මෙම කූඨ ව්‍යාපාරය සිදුරගෙන ගොස් ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත.

මෙම විදෙස් ජාතිකයින් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකතන රැසක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත.

එම පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවන්ගෙන් තවත් පිරිසක් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පියංකර ජයරත්නට නොතිසී

පියංකර ජයරත්නට නොතිසී

හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට ලබන (12) වැනිදා අල්ලස් කොමිසම හමුවට පැමිණෙන්නැයි නොතීසි නිකුත් කර ඇත.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පියංකර ජයරත්න කැඳවා ඇත.

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ⁣ට

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ⁣ට

ඉන්ධන මිල සංශෝධනයත් සමග ඩීසල් මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම ගාස්තු සංශෝධනය ප්‍රතිශතයක් ලෙස වැඩි නොකොට දෙමාපියන් සමඟ සාකච්ඡා කර යම් ප්‍රමාණයකට ඉහළ දැමීමට අපේක්ෂා කරන බව එම සංගමයේ ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කරයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ඩීසල් මිල ඉහළ දැමීම සිදු වුවද දෙමාපියන් ගැන සිතා ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළ බවද එම සංගමයේ ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කරයි.

කෙසේ වෙතත් අපසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙවර යම් ප්‍රමාණයකට ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බවද එම සංගමයේ ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කරයි.