Local news

වියට්නාම ජනාධිපති මෙරටට

වියට්නාම ජනාධිපති මෙරටට

වියට්නාම ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා ලබන (07) වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන වියට්නාම ජනාධිපතිවරයා ලබන (08) වැනිදා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

වියට්නාම රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ 2011 වසරෙන් පසුවයි.

වියට්නාම පක්ෂ මහලේකම් සහ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ඔහු ශ්‍රී ලංකාවේ කරන පළමු රාජ්‍ය සංචාරය මෙය වේ.

ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා

ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා

ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු පැළයක් රෝපණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැළයක් රෝපණය කළේය.

කොළඹ විහාර මහා දේවි උද්‍යානය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර කුඩා දරු දැරියන් දෙරටේ ජාතික ධජ රැගෙන මග දෙපස රැඳී සිටිමින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ.

හෝමූස් සන්ධියේදී අමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍රහාර

හෝමූස් සන්ධියේදී අමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධිය වෙත ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බවට ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

ඉරානය විසින් ලබාදුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් ජාස්ක් (Jask) දූපත අසලදී අමෙරිකානු යුද නෞකාවට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් පසුව අදාළ අමෙරිකානු යුද නෞකාව එම ප්‍රදේශයෙන් ආපසු හැරී ගොස් ඇති බව සඳහන් වේ.

චෙම්මනි මිනිවළ තුළින් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී

චෙම්මනි මිනිවළ තුළින් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ හයවන අදියරේ කැණීම් කටයුතු හයවන දිනයටත් (03) ආරම්භ කර ඇත.

එහිදී තවත් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන ඇති අතර ඉන් මිනිස් සිරුරු 243කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීම සිදුකළ බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ.නිරංජන් සඳහන් කරයි.

චෙම්මනි සමූහ මිනිවළ හයවන අදියර කැනීම් කටයුතු පසුගිය අප්‍රේල් (27) වැනිදා යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ ආරම්භ කළේය.

පස්වන අදියර කැනීම් කටයුතු අවසන් වන විට සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන තිබු අතර ඉන් මිනිස් සිරුරු 239කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇත.

ශ්‍රී ලංකා – මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7ක්

ශ්‍රී ලංකා – මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7ක්

දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට එළැඹුණි. 

ඒ සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන කේෂ්ත්‍ර සඳහා බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ අද (04) දින පෙරවරුවේ පැවැත්වුණි.

රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, තම ආරාධනය පිළිගෙන දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයාට සිය ස්තූතිය පිරිනමන බවයි.

ඉතා විෂ සහිත රසායනික ද්‍රව්‍ය පවුලටම මරු කැඳවයි

ඉතා විෂ සහිත රසායනික ද්‍රව්‍ය පවුලටම මරු කැඳවයි

ඉස්තාන්බුල්හි හෝටලයක නවාතැන් ගෙන සිටියදී විෂ සහිත පළිබෝධ නාශක දුමාරයකට නිරාවරණය වීම හේතුවෙන් එකම පවුලක සාමාජිකයින් සිව් දෙනෙකු මියගොස් ඇත.

පළිබෝධකයින් පාලනය කිරීමට භාවිත කරන ඉතා විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් වන “ෆොෆීන් වායුව” ඔවුන්ගේ සිරුරු තුළ ඉහළ ප්‍රමාණයක් තිබූ බව වාර්තා වේ.

මෙම මරණ හේතුවෙන් පළිබෝධනාශක සමාගමේ පුද්ගලයින් සහ හෝටලයේ හිමිකරු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අපට දැනුම් දුන්නෙත් නෑ.. රාජපක්ෂලා බයත් නෑ

අපට දැනුම් දුන්නෙත් නෑ.. රාජපක්ෂලා බයත් නෑ

අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙතෙක් කිසිඳු නිල දැනුම් දීමක් හෝ නොතීසියක් එවා නැතැයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

යම් සිද්ධියකට කැඳවීමක් කරන්නේ නම් ඊට අදාළ පුද්ගලයාට දැනුම් දීම වෙනුවට තම හිතවත් මාධ්‍ය වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් ඒ මඟින්ම එහි ඇති අරුත පැහැදිලිව පෙන්නුම් කරන බවත් මනෝජ් ගමගේ සඳහන් කරයි.

තවද රාජපක්ෂ පාර්ශ්වය මෙවැනි දේශපාලන කටයුතු වලට බිය නොවන බවත් අවශ්‍ය අවස්ථාවලදී නීත්‍යානුකූලව ඒ සඳහා ප්‍රතිචාර දක්වන බවද මනෝජ් ගමගේ සඳහන් කරයි.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට පැමිණෙන ලෙස තමන්ටද කිසිදු දැනුම් දීමක් කර නොමැති බව හිටපු ඇමැති පියංකර ජයරත්නද සඳහන් කරයි.

ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS සින්දුකේසරි සබ්මැරීනය දින තුනක මෙහෙයුම් චාරිකාවක් සඳහා කොළඹට පැමිණ ඇත.

කොළඹ වරාය වෙත පැමිණි සබ්මැරීනයට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සාම්ප්‍රදායික පිළිගැනීමක් ලබාදුන් බව වාර්තා වේ.

INS සින්දුකේසරි සබ්මැරීනය නේටෝ සංවිධානයේ වර්ග කිරීම අනුව ටොන් 3000ක් කිලෝ පන්තියේ ඩීසල් – විදුලි (Kilo-class diesel-electric) සබ්මරීනයකි.

ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදයක වීඩියෝවක් එළියට

ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදයක වීඩියෝවක් එළියට

ගාල්ල බන්ධනාගාර රැඳවියන් පැවැත්වූ උපන්දින සාදයක වීඩියෝවට අදාළව වාර්තාවක් කැඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සිදුවීම කුමන කාලයේ සිදුවූවක්ද යන්න පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක සඳහන් කරයි.

එම වීඩියෝවේ සිටින බොහෝ රැඳවියන් මේ වනවිට ඇප මත නිදහස ලබා පිටව ගොස් ඇතැයිද, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක සඳහන් කරයි.

අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘අහුංගල්ලේ ලොකු පැටී’ නමැත්තාගේ සමීපතමයෙකු වන නාමල් නොහොත් ‘පොඩියා’ නමැත්තාගේ උපන්දිනය සමරන බව කියන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ඉරානයට එරෙහිව ට්‍රම්ප් නව ක්‍රියාවලියක් අරඹයි

ඉරානයට එරෙහිව ට්‍රම්ප් නව ක්‍රියාවලියක් අරඹයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකා නිදහස් කරගැනීමට අද (04) දින නව ක්‍රියාවලියක් ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

නව ක්‍රියාවලිය “ප්‍රොජෙක්ට් ෆ්රීඩම්” (Project Freedom) ලෙසින් නම් කර ඇති බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය ටෘත් සෝෂල් ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

ඉරාන – ඇමරිකා යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති අහිංසක රටවල නෞකා, හෝමූස් සමුද්‍ර සන්ධියෙන් පිටවීමට නොහැකිව දැඩි පීඩාවකට ලක්ව ඇති බව ට්‍රම්ප් සඳහන් කරයි.