Local news

අලියා ඩිජිටල් වෙයි.!

අලියා ඩිජිටල් වෙයි.!

තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමග මුසුකර ගනිමින් ඊයේ (04) එක්සත් ජාතික පක්ෂය නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුවිය.

මෙම අවස්ථාවට එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, රාජිත සේනාරත්න, නවීන් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී දිවයින පුරා සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධිකාරකවරුන් පත් කිරීම නිල වශයෙන් සිදු කෙරිණි.

එම කටයුතු සඳහා මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් 1000 දෙනෙකු මෙදින පත් කෙරිණු අතර එමගින් පක්ෂ සංවිධාන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ ජනතාවට සමීප වීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව නිල UNP ජංගම යෙදුමක්ද ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දීමට නියමිත අතර මෙම යෙදුම මගින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු, දැනුවත් කිරීම සහසම්බන්ධතා වර්ධනය කිරීම බලාපොරොත්තු වෙයි.

මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මූලස්ථානයේ Starlink අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදුකෙරේ.

සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව අද සිට.!

සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව අද සිට.!

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවා හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැනැපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ.

ඒ අනුව අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා වැද පුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව ලබා දී තිබේ.

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ ඒම සර්වඥධාතුන් වහන්සේ ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනය කරනු ලබන පළමු අවස්ථාව මෙය බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් සිදුකළ විශේෂ ඉල්ලීමක් මත ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම සිදුව තිබේ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ”සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) දිනයේ සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීම සිදු කළේය.

මේ අතර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරන සැදැහැවතුන් සදහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට අද සිට විශේෂ දුම්රිය ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඒ අනුව ලබන 10 වන දින දක්වා මෙම දුම්රිය ධාවනය කෙරෙන අතර අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතය. 

සිංහ පෝතකයින්ගේ බාලගිරි දෝෂය අද නොවේ හෙට.!

සිංහ පෝතකයින්ගේ බාලගිරි දෝෂය අද නොවේ හෙට.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ තරග තුනම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

මෙම අන්ත පරාජයත් සමග ලබන (07) වැනිදා ආරම්භ කරන 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටියි.

එහෙත් ලක්ෂ ගණනින් වැටුප් ගන්නා ලොව දක්ෂ පුහුණුකරුවන් සිටියද කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පිතිකරණය සහ කණ්ඩායමට ඇති වගකීම හරිහැටි හඳුනා ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත.

කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔවුන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවේද.?

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පා තබන ශ්‍රී ලංකා කණ්ඩායම තම වගකීම හරිහැටි ඉටු කරමින් ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරනවාද.? නැද්ද.? යන්න අපට ඉදිරියේදී දැකගැනීමට හැකිය.

ක්‍රීඩාවේදී ජය, පරාජය දෙකටම මුහුණ පෑමට සිදුවන අතර පරාජය වන සෑම අවස්ථාවලදී හිත හදාගැනීම සඳහා අප නිතර යොදාගන්නා කියමනක් ඇත. එනම්, ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් බවයි.

පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක්.!

පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක්.!

පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක් සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව අංක 2473/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ නිකුත් කළ ප්‍රකාශනය ඇතුළත් යෝජනා සම්මතය පෙබරවාරි (06) වැනි සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර ඇත.

එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව වෙනත් දිනයකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය කර ඇත.

තවද, 2026 ජනවාරි (28) දිනැති අංක 2473/13 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කළ යෝජනා සම්මතයද පෙබරවාරි (06) සිකුරාදා ප.ව. 5.30ට කිසිදු විවාදයකින් තොරව අනුමත කර ගැනීමට එකඟත්වය පළ වී ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් (03) පස්වරු 1.30ට රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

සජිත් අත්දැකීම් තිබෙන නායකයෙක්.. රට නිවැරදි මාර්ගයට ගේනවා.!

සජිත් අත්දැකීම් තිබෙන නායකයෙක්.. රට නිවැරදි මාර්ගයට ගේනවා.!

සජිත් ප්‍රේමදාස හොරුත් සමඟ වැඩ කරන්නේ නැති බවත් සජිත් ප්‍රේමදාස ජනතාව වෙනුවෙන් අනාගතයේදී හිටගෙන රට නිවැරදි මාර්ගයට ගෙනයන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව පරාජය කරන්න සියලුම කණ්ඩායම් එකතු කරන්න කටයුතු කරන බවත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනාගතයේදී එකට වැඩ කරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට තරග කර අත්දැකීම් තිබෙන නායකයෙක් බවත් ඔහු සම්බන්ධයෙන් වෙන කිසිවෙකු සහතික ලබාදිය යුතු නැති බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ,

“සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට තරග කර අත්දැකීම් තිබෙන නායකයෙක්. ඔහු සම්බන්ධයෙන් වෙන කිසිවෙකු සහතික ලබාදිය යුතු නැහැ. එම සහතිකය ලබා දිය යුත්තෙ ජනතාවයි. ඔහු සිදුකරන වැඩ කොටස පිළිබඳව සහ ඔහුගේ දැක්ම ජනතාව පිළිගන්නවා.

ඒ වගේම සජිත් ප්‍රේමදාස හොරුත් සමඟ වැඩ කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා ජනතාව වෙනුවෙන් අනාගතයේදී හිටගෙන රට නිවැරදි මාර්ගයට ගෙනයන්න කටයුතු කරනු ලබනවා. එම සහතිකය ජනතාවයි ලබාදෙන්නේ. ඒ වගේම ඊළඟ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට බලය ලැබෙන බව විශ්වාසයි.

ඒ වගේම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යම් ආකාරයක ස්ථාවරයක සිටිනවා. එය බිම් මට්ටමේ ජනතාවගේත් අපෙක්ෂාවක්. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට වැඩ කිරිම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තින්දුවක් ගෙන තිබෙනවා.

පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරි මණ්ඩල දෙකම එය අනුමත කර තිබෙනවා. පක්ෂ දෙක ඉදිරියට වැඩ කරන්නේ කෙසේදැයි සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ සියලුම සාකච්ඡා සාර්ථකයි. සමගි ජන බලවේගය වෙනුවෙන් එම සාකච්ඡා මෙහෙයවන්නේ සජිත් ප්‍රේමදාස මහතා. ඒ වගේම ආණ්ඩුව පරාජය කරන්න සියලුම කණ්ඩායම් එකතු කරන්නත් කටයුතු කරනවා. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනාගතයේදී එකට වැඩ කරනවා.”

විශේෂ ප්‍රවාහන සේවා අද සිට.!

විශේෂ ප්‍රවාහන සේවා අද සිට.!

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මේ අතර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙහිදී මහජනතාවට ගංගාරාම විහාරස්ථානයට පැමිණීම සඳහා පහත ස්ථානවල සිට විශේෂ බස් රථ සේවාවක් සපයා ඇත.

*පැරණි එම්.ඕ.ඩී. භූමියේ රථගාල (M.O.D. PARK)

*ලේක් හවුස් වටරවුම අසල රථගාල

*කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැක.

*කොටුව දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පිටකොටුවට නොගොස් ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැක.

මෙම බස් රථ සේවාව ලංගම සහ පුද්ගලික බස් රථ මඟින් පැය 24 පුරාම සහනදායි මුදලකට සපයන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මේ රට විනාශ කරපු කණ්ඩායම් මයික් කටාර්ලා වෙලා.!

මේ රට විනාශ කරපු කණ්ඩායම් මයික් කටාර්ලා වෙලා.!

මේ රට විනාශ කරපු කණ්ඩායම් මයික් කටාර්ලා වෙලා හොර චැනල් දෙකක බොරු කියන බවත් බොරු කියලා මිනිස්සු තමන්ගේ පැත්තට ඇවිල්ලා කියා හිතන් ඉන්න බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“නාමල් රාජපක්ෂලා කියනවා, ශිරන්ති රාජපක්ෂ මහත්මියලා කියනවා, අපි පළිගන්නවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාම කිවුවා එතුමාට දාල තියෙන නඩු ඔක්කොම දාලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ කියලා.

එතුමා කිවුවා නේද. එතුමා කිවුවා රනිල් වික්‍රමසිංහ දාපු නඩු තමයි තියෙන්නේ කියලා. මේ නඩු සියල්ලම එතුමාම කිවුවා දාලා තියෙන්නේ, එහෙනම් පළිගැනීම මොකක්ද.?

අද මේ රට විනාශ කරපු කණ්ඩායම් මයික් කටාර්ලා වෙලා හොර චැනල් දෙකක් තියෙනවා, ඒ චැනල් දෙකේ මෙතන බොරු කියනවා. බොරු කියලා හිතන් ඉන්නවා මිනිස්සු තමන්ගේ පැත්තට ඇවිල්ලා කියලා.

එහෙම වෙලා නෑ. මොකක්හරි පොල් වත්තක ගුබ්බෑයමකට ගිහිල්ලා ෆොටෝ එක සූම් කරලා අරගෙන දානවා විසිපන්දාහක් හිටියා කියලා. ඒ නිසා ඔය සෙනගවල් වලට අපි මේවා වෙන්නෑ. අපි මේ රටේ ජනතාවට වගකීමක් ඇතුව කටයුතු කරගෙන යනවා.”

මානසික සෞඛ්‍ය පනත කඩිනමින්.!

මානසික සෞඛ්‍ය පනත කඩිනමින්.!

කඩිනමින් මානසික සෞඛ්‍ය පනත ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.

මෙරට මානසික සෞඛ්‍ය සේවාව නිවැරදි හැරවුම් ලක්ෂයක පවතින බවත් මෙරට මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය වසර සියයක් පැරණි බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.

එනිසා මානසික සෞඛ්‍ය පනත කඩිනමින් ගෙන එන බවත් එය නව්‍යකරණය කිරීමේ ක්‍රියාදාමයට අද වන විට එළඹ ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.

එය අසීරු කාර්යයක් වුවද ඒ සඳහා වන කෙටුම්පත් මූලික කටයුතු සඳහා පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලයට යොමූ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

විගණකාධිපති ධූරයට පත්වූ සමුදිකා ජයරත්න යනු කවුද.?

විගණකාධිපති ධූරයට පත්වූ සමුදිකා ජයරත්න යනු කවුද.?

මාස කිහිපයක් පුරාම පුරප්පාඩු වී පැවති විගණකාධිපති ධුරයට සමුදිකා ජයරත්න පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය හිමිවිය.

ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සේවය කරන සමුදිකා ජයරත්න ජ්‍යෙෂ්ඨ විගණන වෘත්තිකයෙක් වන අතර ඇය දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ලෙස සේවය කරයි.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ ඉහළ පෙළේ විගණන වාර්තා කිහිපයකම ඇය අධීක්ෂණ සහ දායකත්ව කාර්ය භාරයක් ඉටු කර ඇත.

තවද පාර්ලිමේන්තු කමිටු සහ අනෙකුත් අධීක්ෂණ ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විගණකාධිපතිවරයාට සහාය වී ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වන පරිදි 1799 වසරේ සිට මේ දක්වා කාලය තුළ විගණකාධිපති ධූරයට පත්වූ පළමු කාන්තාව සමුදිකා ජයරත්න වේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවක් වන සමුදිකා ජයරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් MBA උපාධිය සහ ගණකාධිකරණය පිළිබඳ B.Com (විශේෂ) උපාධිය ලබා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 42 වන විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්න පත්කර ඇති අතර ඇය කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.

2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමග විගණකාධිපති තනතුර පුරප්පාඩු විය.

ජනපති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට එක්වෙයි.!

ජනපති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට එක්වෙයි.!

‍කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) එක්විය.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් අද (04) දින මෙරටට වැඩම කෙරුණු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, ඉන්දියාවට අයත් විශේෂිත ගුවන් යානයකින් මෙරටට වැඩම කරවීම සිදු කෙරුණි.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීමත් සමඟ මෙරට ජනතාවට මෙම ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව උදා වේ.

සර්වඥ ධාතු වන්දනාව හෙට (05) සිට පෙබරවාරි (11) වනදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.