Local news

වසර 40ක් පාලනය කළ යොවේරි හත්වැනි වරටත් ජනාධිපති ධුරයට.!

වසර 40ක් පාලනය කළ යොවේරි හත්වැනි වරටත් ජනාධිපති ධුරයට.!

වසර 40ක් උගන්ඩාවේ පාලනය හොබවන යොවේරි මුසෙවෙනි හත්වැනි වරටත් එරට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

උගන්ඩාවේ ජනාධිපතිවරණයේදී 81 හැවිදිරි යොවේරි මුසෙවෙනි සියයට 71ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එරට ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා වූ බොබී වයින් හෙවත් කියාගුලනි සෙන්ටමු ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශත සියයට 24ක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ට්‍රම්ප් දැඩි⁣ තීරණයක් ගනී.. රටවල් කිහිපයකට අමතර තීරු බද්දක්.!

ට්‍රම්ප් දැඩි⁣ තීරණයක් ගනී.. රටවල් කිහිපයකට අමතර තීරු බද්දක්.!

එළඹෙන පෙබරවාරි මස (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය සහ අනෙකුත් යුරෝපීය රටවලට නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත.

ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගනුදෙනුවකට එළැඹෙන තාක් මෙම තීරු බද්ද ක්‍රියාත්මක වන බව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඒ අනුව එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම හෝ ඕනෑම භාණ්ඩයක් සඳහා 10%ක නව තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල්වලින් අමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරනු ලබන ඕනෑම භාණ්ඩයක් සඳහා මෙම 10%ක තීරු බද්ද පැනවෙනු ඇත.

88,89 සෙල්ලම් දාන්න එපා.. එදා මහින්ද හිටියා.. අද නාමල් ඉන්නවා.!

88,89 සෙල්ලම් දාන්න එපා.. එදා මහින්ද හිටියා.. අද නාමල් ඉන්නවා.!

88, 89 කාලයේ සෙල්ලම් දාන්න දැන් ලෑස්ති වෙන්න එපා බවත් එදා මහින්ද රාජපක්ෂ හිටිය බවත් අද නාමල් රාජපක්ෂ සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාශ සංවිධායකවරුන්ට තඹුත්තේගමදී පත්වීම් ලිපි භාරදීමේ ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“ඔබේ මර්ධනය ඔබ තියාගන්න. ඒ 88, 89 සෙල්ලම් දාන්න දැන් ලෑස්ති වෙන්න එපා. එදා මහින්ද රාජපක්ෂ හිටියා. අද ඉන්නවා නාමල් රාජපක්ෂ. අය 88, 89 සෙල්ලම් දාන්න එපා. ඒවා ඒ කාලේ. අද අලුත් පරම්පරාවක්. වෙනස් වෙච්ච සංස්කෘතියක්.”

“ආ උගන්ඩාවේ සල්ලි. ඒක ගේන්ඩ. ඒක ගේන්න ඕනේ. අර ඩුබායි මැරියට් හෝටලේ ඒක ගේන්නත් ඕනේ. ඒ හින්දා අපි ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. බොරුව නවත්තන්න. රැවටිල්ල නවත්වන්න. මර්ධනය නවත්වන්න.”

උඩුගුවනේදී ගුවන් යානයක් අතුරුදන්.!

උඩුගුවනේදී ගුවන් යානයක් අතුරුදන්.!

ඉන්දුනීසියාවේ සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් අතුරුදන්වී ඇත.

ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අතුරුදන්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මැකස්සාර් (Makassar) නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදහන්ව ඇති බවට සැක පළ කරයි.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන්ට වැඩ වරදී.. අද සිට පරීක්ෂාව.!

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන්ට වැඩ වරදී.. අද සිට පරීක්ෂාව.!

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන රියදුරන් හඳුනා ගැනීමේ විශේෂ උපකරණයක් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි හඳුන්වාදීමට නියමිත බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී. ජේ. සේනාධීර සඳහන් කරයි.

ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන රියදුරන් හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතිය අද (17) දින සිට කොළඹ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා යටතේ ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී ආරම්භ කරන බවත් ඒ සම්බන්ධව වන සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර්.!

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර්.!

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් නම් කර ඇති අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරික් මේයර් යෝජනා කර ඇත.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා වේ. 

නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නේටෝවේ සාමාජික රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ ස්කොප්ජේ හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ භාරකරු ලෙස සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙසද සේවය කර ඇත.

හිටපු කථානායක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි.!

හිටපු කථානායක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි.!

හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර ඇත.

කැලණිය බියගම මාර්ගයේ අසෝක රන්වලගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එම මෝටර් රථයේ ගැටී ඇත.

ඊයේ (16) රාත්‍රියේ අසෝක රන්වලගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති අතර පසුව මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී ආරක්ෂක රාජකාරීයේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් අදාළ අනතුර සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇත

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

රීප්ප පටියකින් පියා ඝාතනය කළ නරුම පුතා අත්අඩංගුවට.!

රීප්ප පටියකින් පියා ඝාතනය කළ නරුම පුතා අත්අඩංගුවට.!

මැදවච්චිය, කඩවත්ගම ප්‍රදේශයේ නිවසක (16) සිදුවූ පහරදීමකින් 67 හැවිරිදි දෙදරු පියෙක් මරණයට පත්ව ඇත.

අදාල පුද්ගලයා වැඩිමහල් පුත්‍රයා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර පියා හිසෙහි තුවාල සහිතව නිවසේ මිදුලේ වැටී මියගොස් සිටිනු අසල නිවසක පදිංචි බාල පුතා දැක ඇත.

අදාල පුද්ගලයා වැඩිමහල් පුත්‍රයා සමඟ මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවු ආරවුලක් මත පුතා විසින් රීප්ප පටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශන වලදි අනාවරණ වී ඇත.

ඒ අනුව වයස අවුරුදු 42ක් වන වැඩිමහල් පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලිසිය විසින් සිදු කරයි.

දිට්වා අතරතුර කොත්මලේ ජලය මුදාහැරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව නඩු.!

දිට්වා අතරතුර කොත්මලේ ජලය මුදාහැරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව නඩු.!

පසුගියදා ශ්‍රී ලංකාව මුහුන දුන් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා අවම කිරීමට අපොහොසත් වීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ පිළිබඳ කරුණු දක්වන ලෙස අමාත්‍ය මණ්ඩලයට සහ ආපදා කළමනාකරණ කමිටුවට නියෝග කර තිබේ.

මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයකු වන කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණුනි.

එහිදී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර, රජය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ බ්‍රිතා අහමඩ් මහත්මිය කරුණු ඉදිරිපත් කළාය.

ඒ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එළඹෙන ජූලි මස 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුවන්ට නියම විය.

ජනාධිපතිවරයා (නීතිපතිවරයා මගින්), අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ ජාතික ආපදා කළමනාකරණ කමිටුව මෙහි වගඋත්තරකරුවෝ වෙති.

කොත්මලේ ජලාශයේ ජලය මුදාහැරීමට ප්‍රථම බලධාරීන් විසින් නිසි පරිදි ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් මහනුවර, පේරාදෙණිය, ගලහ සහ ගම්පොළ යන ප්‍රදේශවලට දැඩි හානි සිදු වූ බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

සුළි කුණාටුව හා ගංවතුර හේතුවෙන් මහනුවර අධිකරණ සංකීර්ණය අසල පිහිටි සිය නීතිඥ කාර්යාලය සහ එහි තිබූ වටිනා දත්ත පද්ධති විනාශ වීමෙන් තමන්ට දැඩි වෘත්තීයමය පාඩුවක් සිදු වූ බව ඔහු සඳහන් කරයි.

පෙත්සම්කරු අවධාරණය කරන්නේ වගඋත්තරකරුවන්ගේ අතපසුවීම් සහ නොසැලකිලිමත් භාවය හේතුවෙන් ආපදා තත්ත්වය තවදුරටත් උග්‍ර වූ බවයි. 

එබැවින්, මෙම ක්‍රියාකලාපය මගින් තමන්ගේ සහ රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ග්‍රීන්ලන්තයට ආසාවෙන් සිටින ට්‍රම්ප් නව තීරුබදු පනවයි.!

ග්‍රීන්ලන්තයට ආසාවෙන් සිටින ට්‍රම්ප් නව තීරුබදු පනවයි.!

ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,

“ජාතික ආරක්ෂාව සඳහා අපට ග්‍රීන්ලන්තය අවශ්‍යයි. ග්‍රීන්ලන්තය සමග ඔවුන් එකග නොවන්නේ නම්, මට එම රටවල් මත තීරුබදු පැනවිය හැකියි.”

එහෙත් නව තීරුබදු පනවනු ලබන්නේ කුමන රටවලටද යන්න හෝ එම එම රටවලට එරෙහිව අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය කුමක් ද යන්න හෙළිකර නොමැත.

අමෙරිකාවේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බවත් එය පහසු වුවත් අපහසු වුවත් කෙසේ හෝ අත්පත් කරගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය.

කෙසේ වෙතත් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයට ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු රටවල් රැසක් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.