Local news

පාර්ලිමේන්තුව නිහඬ වෙයි

පාර්ලිමේන්තුව නිහඬ වෙයි

ශ්‍රී ලාංකීය රසවින්දනීය ගීත කලාවට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනීයගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක් පැවැත්විණි.

අද (21) දින පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන්නැයි දැනුම්දෙයි

සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන්නැයි දැනුම්දෙයි

තෙදින ජාතික ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 04/2026 යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට නියමිතය.

ශ්‍රී ලාංකීය රසවින්දනීය ගීත කලාවට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනීයගේ අභාවය හේතුවෙන් ජාතික ශෝක දිනයන් රජය විසින් ප්‍රකාශයට පත් කළේය.

නාමල් දුවයි.. නල්ල පයිත්තියම්.. පයිත්තියම් ඩොක්ටර්

නාමල් දුවයි.. නල්ල පයිත්තියම්.. පයිත්තියම් ඩොක්ටර්

මන්ත්‍රී නාමල් රාජපක්ෂ විනාඩි 7ක්, 8ක් කතා කිරීමෙන් අනතුරුව පිටව යන බවත් එය දැන් පුරුද්දක් කරගෙන තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිටව යන අවස්තාවේදි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ,

“දැන් කිවුවනේ, ගියාට පස්සේ කියන්න එපා කියලා. ඉතින් වාඩිවෙලා ඉන්න. වාඩිවෙලා අහගෙන ඉන්න. මොකද මේක පුරුද්දක් කරගෙන තියෙන්නේ. එනවා. විනාඩි 7ක්, 8ක් කතා කරනවා. ඊට පස්සේ දුවනවා.

ඉතිං අපි කතා කරනකම් ඉන්නේ නෑ. ඔයා කහින්නේ නැතුව ඉන්නකෝ හරිද. නල්ල පයිත්තියම්. නල්ල පයිත්තියම්. පයිත්තියම් ඩොක්ටර්. විශේෂයෙන්ම අද මේ කාරණේ. අපි දැක්කා විපක්ෂයේ.

අද දවසේ වැදගත්ම සාකච්ඡාව තමයි ළමා ශ්‍රමය පිටු දැකීම සඳහා ළමා ශ්‍රමය යොදවා ගන්න අයට එරෙහිව මෙතෙක් පැවති දස දහසේ දඩය ලක්ෂය දක්වා වැඩි කරන එක.”

සේවිකාවක් දූෂණය කිරීම – හිටපු නගරාධිපති අතාවුල්ලාට වැඩ වැරදුන හැටි

සේවිකාවක් දූෂණය කිරීම – හිටපු නගරාධිපති අතාවුල්ලාට වැඩ වැරදුන හැටි

මහ නගර සභා සේවිකාවක් තම කාර්යාලය තුළදී දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති අතාවුල්ලා අහමඩ් සකී අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් හිටපු නගරාධිපති අතාවුල්ලා අහමඩ් සකී අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

2021 වසරේදී මහ නගර සභා සේවිකාවක් තම කාර්යාලය තුළදී දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අතාවුල්ලා අහමඩ් සකී හිටපු අමාත්‍යවරයෙකු ඒ එල් එම් අතාවුල්ලාගේ පුත්‍රයායි.

අදාළ කාන්තාව පසුගිය ජූලි මාසයේ සිය දිවි හානි කර ගැනීමට තැත් කළ අවස්ථාවේදී රෝහල් ගත කිරීමෙන් අනතුරව පොලිසියට කළ පැමිණිල්ලක් මගින් එම සිද්ධිය අණාවරණ වී ඇත.

32 හැවිරිදි අදාළ කාන්තාව පොලිසියට පවසා ඇත්තේ තමන් දූෂණය කළ සැකකරු ඉන් පසුව අවස්ථා කිහිපයකදිම බිය වද්දා දූෂණය කළ බවයි.

අගවිනිසුරු අවුරුදු 20ක් හිරේ යනවාද.. නැත්නම් අපිට ඕන විදිහට නඩු තීන්දු ලබා දෙනවාද

අගවිනිසුරු අවුරුදු 20ක් හිරේ යනවාද.. නැත්නම් අපිට ඕන විදිහට නඩු තීන්දු ලබා දෙනවාද

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යොදා ගනිමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න අගවිනිසුරුවරයා විවේචනය කිරීමට කටයුතු කළාය.

ඔහුගේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ තොරතුරු, විවාහ සහතිකය, උපන් දිනය මෙන්ම දරුවන්ගේ උප්පැන්න සහතික පිළිබඳව මන්ත්‍රීනී රෝහිණී කවිරත්න ප්‍රකාශයක් කළාය.

මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“මම මේ සභාවේදී කිවුවා පී.පී සූරසේන අගවිනිසුරුතුමා ගැන ප්‍රචාරයක් මාධ්‍යයේ තියෙනවා. මේක නිවැරදි කරන්න ඉල්ලපුවාම මුලසුනයේ හිටපු මන්ත්‍රීතුමා කියනවා ඒ කතාව සාවද්‍යයිලු. විමර්ශනයක් කරාද, පරීක්ෂණයක් කරාද, වගකීම් සහිතවද එතුමා ඒක ප්‍රකාශ කරේ. ඒ වගකීම් විරහිතව මගේ කතාව අයින් කරා. මම කියනවා එතුමා ඔය පුටුවේ වාඩිවෙන්න සුදුසු නෑ කියලා.”

“එක්ප්‍රස් පර්ල් නඩුවේ ඩොලර් බිලියන 1ක් අහිමි කරපු, ඒ වගේම ලන්ඩන් පී ඇන් අයි ක්ලබ් එක ජනාධිපතිතුමාට මැදිහත්වෙන්න ලියුමක් එවලා තියෙනවා. විනිසුරුවන් පස් දෙනෙක්ගෙන් අග්‍රවිනිශ්චයකාර මුර්දු ප්‍රනාන්දු මැතිණිය දීපු තීන්දුව විනිශ්චයකාරවරුන් තුන් දෙනෙක් අඩු කරලා තීන්දුව දීලා අද රටට ලැබෙන්න තිබුණ බිලියන 1ක් අහිමි කරපු අග්‍රවිනිශ්චයකාරයෙක් වෙනුවෙන් අද කතා කරන්නේ.”

“යු ටියුබ් චැනල් එක කියනවා. කේඩියු එකේ තොරතුරු නෑ. විවාහ සහතිකයේ උපන්දිනය නෑ. දරුවන්ගේ උප්පැන්න වල නෑ. වැරදි නම් මේවා නිවැරදි කරන්න. එහෙම නොවේ නම් සීජේගේ උප්පැන්න සහතිකය අහුවෙලා එතුමාව ජනාධිපතිතුමා විසින් බ්ලැක්මේල් කරනවාද කියන ප්‍රශ්නය තියෙනවා. එතුමා කූට ලේඛන සකස් කරලා අවුරුදු 20ක් හිරේ යනවාද, නැත්තම් අපිට ඕන විදිහට නඩු තීන්දු ලබාදෙනවාද කියලා.”

ප්‍රගීත් එක්නැළිගොඩ නඩුවට මොකද වෙන්නේ.? 

ප්‍රගීත් එක්නැළිගොඩ නඩුවට මොකද වෙන්නේ.? 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව (20) දින කොළඹ විජේරාම ප්‍රදේශයේ පිහිටි විශේෂ මහාධිකරණයේදී යළි කැඳවනු ලැබුවේය.

මෙම නඩුවේ ප්‍රධානතම සාක්ෂිකරුවෙකු වන 4 වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට එරෙහිව එම නඩුවේ විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් මහාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ විත්තියේ නීතිඥයින් විසින් දැනුම් දී ඇති අතර ඒ අනුව 4 වන සාක්ෂිකරුගෙන් නැවත සාක්ෂි ලබාගැනීමට නොහැකි බවට විත්තියේ නීතිඥයින් කරුණු දක්වා ඇත.

4 වන සාක්ෂිකරු අධිකරණය හමුවට කැඳවා තිබූ අතර ඔහු විශේෂ කාර්ය බලකායේ පූර්ණ ආරක්ෂාව යටතේ අධිකරණයට රැගෙන එනු ලැබුවේය.

ඒ හේතුවෙන් 4 වන සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම සිදුකිරීමට නොහැකි වූ අතර නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් (04) වැනිදා දක්වා කල් තැබීමට විශේෂ මහාධිකරණය නියෝග කළේය.

ඥානසාර හිමි පන්සලේ සිටි පොලිස් නිලධාරියාගේ අභිරහස් මරණය

ඥානසාර හිමි පන්සලේ සිටි පොලිස් නිලධාරියාගේ අභිරහස් මරණය

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත.

අදාළ නිලධාරියා දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බව වාර්තා වන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

සියදිවි හානි කරගැනීමට හේතුව අසනීප තත්ත්වය නිසා ඇතිවූ මානසික පීඩනයක්ද, නැතහොත් වෙනත් පෞද්ගලික කරුණක්ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

එම විහාරස්ථාන පරිශ්‍රය තුළදීම පොලිස් නිලධාරියා වෙඩි තබා ගැනීම සිදු කරගෙන ඇති අතර ඒ හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

ජාතික ශෝක දින ප්‍රකාශයට පත් කෙරේ

ජාතික ශෝක දින ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලාංකීය රසවින්දනීය ගීත කලාවට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනීයගේ අභාවය හේතුවෙන් ජාතික ශෝක දිනයන් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව අගෝස්තු (21), (22) සහ (23) යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මේ පිළිබඳව වැඩිදුර විස්තර ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනීය” අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

“ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනීය” අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ අද්විතීය සලකුණක් වූ, ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනීය අද (20) දින පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

රසවින්දනීය ගීත කලාවට අනුපමේය සේවයක් ඉටු කළ ඇය, සිය හඬින් මෙන්ම නිර්භීත කලා භාවිතයෙන් දේශයම කම්පනයට පත් කළ කලාකාරිනියකි.

ආචාර්ය නන්දා මාලනීයගේ දේහය හෙට (21) උදෑසන 10.00 සිට නුගේගොඩ විජයබා මාවත නන්දා මාලිනි සංගීත ආශ්‍රමයේ තැන්පත් කිරීමට නියමිතය.

අවසන් කටයුතු අනිද්දා (22) දින පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

රාජ්‍ය භීෂණයෙන් වෙළුණු යුගයකදී පවා, යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවත්, ඒ වෙනුවෙන් නැගී සිටීමට ජවයත් සුවහසක් සිත් තුළ පෝෂණය කිරීමට තම හඬ අවදි කල අසහාය ගීත කෝකිලාවිය.

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට

පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත්, මේ වනවිට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සහ ජනතාව විසින් පරිහරණය කරන ලද රජය සතු ඉඩම් නැවතත් අදාළ පාර්ශවයන් වෙත නිදහස් කර ලබාදීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් අද (20) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ජාතික ආරක්ෂාව ඉතා වැදගත් වන අතර ජාතික ආරක්ෂාව සඳහා හමුදා කඳවුරු ස්ථාපනය කළ යුත්තේ කුමන ස්ථානවලද යන්න තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පිරිසගේ කාර්යභාරය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ මත පදනම්ව නිදහස් කළ හැකි ඉඩම් මොනවා ද යන්නත්, නිදහස් කළ නොහැකි ඉඩම් මොනවාද යන්නත් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන ලෙසද උපදෙස් දුන්නේය.

අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී හැකිතාක් ජනතාවගේ පැත්තෙන් සිතා බැහැර කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය බැහැර කරන ලෙස වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ ලබාදෙන ඉඩම් කොටස්වලට අමතරව එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සලසා දීමට කටයුතු කිරිමේ අවශ්‍යතාවද පැහැදිලි කළේය.

ඒ සඳහා ඉහළ ඵලදායීතාවක් ලබාගත හැකි නවීන කෘෂි තාක්ෂණය සහිත ව්‍යාපෘති හඳුන්වා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.