Local news

බිහිසුණු බස් අනතුරක්.. 22ක් රෝහලට

බිහිසුණු බස් අනතුරක්.. 22ක් රෝහලට

පොළොන්නරුව – හබරණ මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල වංගුව ප්‍රදේශයේදී මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වුණු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී ඇත.

බස් රථය පෙරළී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ 22 දෙදෙනෙකු හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කළ බව මින්නේරිය පොලීසිය සඳහන් කරයි.

එම ස්ථානයේ අනතුරු බහුලව සිදුවන ස්ථානයක් බව සඳහන් කරයි.

උණුසුම් තත්ත්වය හමුවේ තෙල් මිල 100 පනී

උණුසුම් තත්ත්වය හමුවේ තෙල් මිල 100 පනී

අද (10) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ⁣ ගොස් ඇති අතර බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.59ක් ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.04ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 118.03ක් ලෙස ඉහළ ගොස් ඇත.

මැදපෙරදිග පවතින අමෙරිකා – ඉරාන යුද ගැටුම් හේතුවෙන් ⁣ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.

උපතේ සිටම දරුවන් අනතුරේ.. රෝග ව්‍යාප්තිය ඉහළට

උපතේ සිටම දරුවන් අනතුරේ.. රෝග ව්‍යාප්තිය ඉහළට

ශ්‍රී ලංකාවේ දරුවන් අතර පිළිකා රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවත් වසරකට 1,000කට ආසන්න සංඛ්‍යාවක පිළිකා රෝගීන් මෙරටින් වාර්තා වන බව ප්‍රජා විශේෂඥ, වෛද්‍ය සුරාජ් පෙරේරා සඳහන් කරයි.

උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩවල සිටින ළමුන් සහ නව යෝවුන්වියේ පසුවන දරුවන්ගෙන් වසරකට 900ත් -1,000ත් අතර සංඛ්‍යාවක් පිළිකා රෝගීන් වාර්තා වන බවද ප්‍රජා විශේෂඥ, වෛද්‍ය සුරාජ් පෙරේරා සඳහන් කරයි.

ලේ පිළිකාව නොහොත් ලිව්කේමියාව, වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව වන ලිම්‍ෆොමාව, මොළය ආශ්‍රිත පිළිකාව, අස්ථි ආශ්‍රිත පිළිකාව සහ ඇස් ආශ්‍රිත පිළිකාව වැඩි වශයෙන් හඳුනා ගන්නා බවද විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා සඳහන් කරයි.

සෑම පිළිකාවක් පිළිබඳවම කලින් හඳුනාගෙන ඒ අනුව නිසි ප්‍රතිකාර කිරීමෙන් පිළිකාව සුවකර ගැනීමට ඉතා ඉහළ හැකියාවක් පවතින බවද විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මේ බව සඳහන් කරයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනට සමගාමීව (09) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක⁣ට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මේ බව සඳහන් කරයි.

බැඳුම්කර නඩුවට නියෝගයක්.. අර්ජුන මහේන්ද්‍රන්ට මොකද වෙන්නේ.?

බැඳුම්කර නඩුවට නියෝගයක්.. අර්ජුන මහේන්ද්‍රන්ට මොකද වෙන්නේ.?

මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් 2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව නොවැම්බර් මස (02) වනදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යළිත් කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (09) නියම කළේය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී කැඳවනු ලැබීය.

නඩුව කැඳවු අවස්තාවේදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කසුන් පලිසේන, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ පී. ගුණවර්ධන යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688ක් පාඩුවක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා 23ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුකරයේ පළමු වන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණය මගහැර සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

විශාල මුල්‍ය වංචාවක්.. නිල නොලත් කුට්ටි කට්ටි පනියි

විශාල මුල්‍ය වංචාවක්.. නිල නොලත් කුට්ටි කට්ටි පනියි

ඌව ප්‍රග්ධන බැංකුව නමින් මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ඒ හරහා විශාල මුල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට නීතිවිරෝධි වත්කම් ⁣විමර්ශන කොට්ඨාශය විසින් (08) දින පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී ඇත.

එහෙත් එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ නැත.

නැවත වෙනත් දිනයක හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කැඳවීමට පියවර ගන්නා බවත් දිගින් දිගටම ප්‍රකාශ ලබාදීම මඟහැරීමක් සිදුවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර ලබන (12) වැනිදා අනුරාධපුරයේදි පැවැත්වීමට නියමිත රැළියේදී නීතිවිරෝධි වත්කම් ⁣විමර්ශන කොට්ඨාශය විසින් තමන්ට කැඳවීමක් සිදුකර ඇති බවට රැළිය අමතමින් ප්‍රකාශයක් සිදුකිරීමට තිස්ස කුට්ටිආරච්චි සූදානමින් සිටින බව වාර්තා වේ.

විශේෂ සමාලෝචනය වෙනුවෙන් IMF නියෝජිතයින් දිවයිනට

විශේෂ සමාලෝචනය වෙනුවෙන් IMF නියෝජිතයින් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් හෙට (10) දින දිවයිනට පැමිණීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඒකාබද්ධ සත්වන සමාලෝචනය වෙනුවෙන්ය.

2026 වසරේ වගකීම් සමාලෝචන සාකච්ඡා සඳහා පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සැප්තැම්බර් (10) සිට (23) දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇත.

රාවතාවත්තේ වෙඩිතැබීමක්

රාවතාවත්තේ වෙඩිතැබීමක්

අද (09) රාත්‍රියේ මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ල කර පලාගොස් ඇත.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලීසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.

අල්ලස් කොමිසමෙන් නිවේදනයක්

අල්ලස් කොමිසමෙන් නිවේදනයක්

නියමිත දිනය පසුවී 2026-08-31 දක්වා වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් කළ තැනැත්තන්ගෙන් පරිපාලන දඩ මුදල් අයකර ගැනීමට පෙර, ඒ සඳහා හේතු දැක්වීමට අවස්ථාව ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.

දූෂණ විරෝධී පනතේ 90 වන වගන්තියට අනුව ප්‍රමාද වූ දින ගණනට අදාළව පරිපාලන දඩ මුදල අය කිරීමට නීත්‍යානුකූල හැකියාවක් ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එසේ වුවද අදාළ ප්‍රමාදය සම්බන්ධයෙන් යම් සාධාරණ හේතුවක් පවතින්නේ නම්, ඒ බව තහවුරු කිරීමේ ලේඛන ද සමග සැප්තැම්බර් මස (30) දිනට හෝ ඊට පෙර ලිඛිතව කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස දන්වා ඇති අතර ලිඛිත හේතු දැක්වීමේදී ප්‍රකාශය කළ තැනැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ.  

සැප්තැම්බර් (30) වන විටත් කිසිදු හේතු දැක්වීමක් නොලැබුණහොත්, ප්‍රමාදය පිළිබඳ දැක්වීමට සාධාරණ හේතුවක් නොමැති බව සලකා පනතේ ප්‍රතිපාදන වලට අනුව අදාළ පරිපාලන දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සම්මතයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සම්මතයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු (04) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.

තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.

ගෝඨාගේ මිත්‍රයා සුගීෂ්වරට දුන් නියෝගය

ගෝඨාගේ මිත්‍රයා සුගීෂ්වරට දුන් නියෝගය

ජනාධිපති වැය ශීර්ෂය යටතේ එකවර වැටුප් දෙකක් ලබාගනිමින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අද (09) දින කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කළේය.

එහිදී විමර්ශන නිලධාරීන් විසින් සිද්ධියට අදාළව මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය සහ වැඩිදුර කරුණු අධිකරණය හමුවේ වාර්තා කරනු ලැබුවෙිය.

අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ලබන (23) වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ තවත් තනතුරක් සඳහා එකවර වැටුප් හා දීමනා ලබාගැනීම සම්බන්ධයෙන් වන මූල්‍ය සාක්ෂි හා විමර්ශන වාර්තා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ රක්ෂිත බන්ධනාගාර කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය.

Follow WhatsApp Channel