LIVE
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06) සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජනරැලි සහ රැස්වීම් මාලාවක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව “අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මහා ජනරැලි මාලාවේ පළමු රැලිය අද (06) දින පස්වරු 2.00ට බුලත්සිංහල සහ බේරුවල මහා රැලිය පස්වරු 3.30ට බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කටයුතු, ප්‍රතිපත්ති සහ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව සෘජුවම මහජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
ජනතාව වෙනුවෙන් ලබන අයවැයේදී මුදල් වෙන් කරන ව්‍යාපෘති පිළිබඳව සහ දැනට අවසන් කර තිබෙන ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය ද මෙහිදී දැනුවත් කිරීමට නියමිතය.
