Advertisements

මේ ආණ්ඩුව ‘කොට උඩ එක්ස්ප්‍රස්’ එක තැනමයි

ඉස්සර පාර අයිනේ කැඩිච්ච බස් තියෙන බවත් අපි ඒවට නැගලා සුක්කානම අල්ලගෙන බෘම් බෘම් බෘම් කියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,

අර ඉස්සර තියනවා පාර අයිනේ කැඩිච්චම බස් නතර කරනවා. ඒ බස් වලට කියන්නේ “කොට උඩ එක්ස්ප්‍රස්” කියලා. අපි නැගලා පොඩි කාලේ අර බස් එකේ සුක්කානම අල්ලගෙන බෘම් බෘම් බෘම් කියනවා.

බස් එක යන්නේ නෑ. අපි පොඩ්ඩක් බෘම් බෘම් ගානවා. දැන් අනුර කුමාර මේ “කොට උඩ එක්ස්ප්‍රස්” බස් එකේ කට්ටිය දාගෙන, අනුර කුමාර සුක්කානම කරකනවා. බස් එක යන්නේ නෑ. බස් එක යනවද. බස් එක යන්නෑ. ඒ වගේ තමයි මේ ආණ්ඩුවත්.”

ජනහමුවක් අමතමින් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කරයි.

Advertisements
5 Comments
Most Voted
Newest Oldest